
එම වීදියෙහි කුඩා කාමරයක් තුල තරුණයන් කිහිපදෙනෙකු ලැගුම් ගෙන සිටියා.ඔවුන් ලොවින් නිබඳවම පැතුවේ නිදහස හා විනෝදයයි.එහෙත් නිරතුරුව ඔවුන්ගේ සිත් දොම්නස් කලේ විවිධ සමාජ ප්‍රශ්න හා සීමිත වූ ආදායම් තත්වයයි.
මෙම අඳුරුබර සැඳෑවෙහි ඔවුන් සිය කුටියට වැදී කතිකා කලේ සති අග විවේකය ගත කරන්නේ කෙලෙසද යන්න ගැන.එකිනෙකා තුලින් මතු වූයේ විවිධාකාර මතයන්.එක්කෝ නගරයෙන් පිට නිහඬ ගම්මානයක් වෙත යන්නට හෝ නැතිනම් සුන්දර සෙන්ට් පීටර්ස්බර්ග් නුවර දවස ගෙවන්නට...කෙසේ හෝ අවසානයෙදී තීරණය උනේ "ඔකා ගඟේ" ඔරු පදිමින් සති අග විවේකය සොඳුරු කරගන්නට.
නමුත් මීලඟ ප්‍රශ්නය උනේ ඔවුන්ගේ විශේෂ අමුත්තන් වන්නේ කවුරුන්ද යන්න.එකවරටම ඔවුනට සිහිපත් වූයේ මෑතකදී ප්‍රංශයේ සිට පැමිණි යුවලක් ගැන.ඔවුන් හොඳ විනෝදකාමීන් බව නගරයේ කාගේත් පිළිගැනීම උනා.
ඔකා ගඟේ ඔරු පදින මෙම විනෝද ගමනට එම යුවලට ඇරයුම් කිරීම බාර උනේ ඔවුන් අතර සැමවිටම නිහඬව සිටින තරුණයාටයි.ඔහු ඉක්මනින් අනුන්ගේ සිත් ගැනීමට සමතෙක්.එහෙත් විනෝද වීමට වඩා ඔහු අගේ කලේ තමාගේ සීමිත මුදල ප්‍රයෝජනවත් දෙයකට ඉතිරි කර ගැනීමට.ඒගේම ඔහු ජීවිතය දෙස බැලුවේද ගැඹුරින්.නමුත් හිතවතුන්ගේ විනෝද ගමන ඔහුත් අනුමත කලා.
ඔහු නමින් මැක්සිම්...පසු කලෙක ලෝක පූජිත ශ්‍රේෂ්ඨ ගත්කතුවරයෙකු වූ මැක්සිම් ගෝර්කි...
එක් සුවබර සැඳෑවක ගෝර්කි ගොඩ වැදුනා ඒ යුවල පදිංචි වී සිටි නිවෙසට.එහි මැද සාලයේ සුරුට්ටුවක් උරමින් උන් මහළු තරබාරු මිනිසෙකුටයි ගෝර්කි ඔහු ආ කාරිය මුලින්ම පැවසුවේ.
"ඔල්ගා..."
මදක් කලබල වූ ඒ තරබාරු මිනිසා ගෙතුලට හැරී කතා කලා.
මද වේලාවකින් ගෙතුලින් ආවේ හීන්දෑරි සොඳුරු යුවතියක්.දිගැටි නිල් දෑස...අක් බමරු කෙස් කළඹ...තරුණ ගෝර්කිගේ හිත එක්වරම සසලව ගියා ඇය දුටු විගස.ඇගේ නිල් දෑස කෙතරම් සුන්දරද.? ගෝර්කිට එහෙම හිතුනා.

"ඔබ පොලිස් කාරයෙක්ද.? "
ඈ කතා කලේ බියවූ දෑසකින්.ලැජ්ජාව ඔහුගේ සිරුර පුරා පැතිරී යන්න ගත වූයේ නිමේශයයි.සැබවින්ම ඔහුගේ ඇදුම් පැළඳුම් පොලිස් කාරයෙකුගේ වගේමයි.
ඔහු ආ කාරිය දැන ගැනීමෙන් පසුව ඇය ඔහුව කැඳවාගෙන ගියා ගෙතුලට.ඔහු වෙත පුටුවක් ලංකරගත් ඇය තෙපලුවා ආගිය තොරතුරු හා ඇයගේ වතගොත...ඈ වෙතින් ගලා ආවේ අපුරූ සුවඳක්.
ඇය කෙතරම් රූමත්ද.? ඒ නිල් දෑසේ බැල්ම...සෙනෙහස් තෙපළුම් ලබන ජීවිතය කෙතරම් ප්‍රේමාන්විත එකක් වේවිද.? ගෝර්කි තනිවම හිතුවා.ඒ සොඳුරු මොහොතට ඉඩදී කාලය නොදැනිම පියමං කලා...
"දැන් කොයි මොහොතක හරි වහින්න පුළුවන්..."
ගෝර්කි පියවි ලොවට ආවේ ඇගේ මහළු සැමියාගේ රළු කටහඬින්.ගෝර්කි අහස දෙස බැළුවා කවුළු දොරින්.පැහැදිලි අහස පුරා වැස්සක සේයාවක්වත් නැහැ.
සිය තරුණ හැඩකාර තරුණ බිරිඳ සමග වැඩි ඇයි හොඳයියක් දක්වනවට ඔහු අකමැති වෙන්නැති.ගෝර්කිට එහෙම හිතුනා.එනිසා ඔහු අකමැත්තෙන් උනත් ඔවුන්ගෙන් සමුගෙන මගට බැස්සේ යලි පසුදින හමුවන බලාපොරොත්තුව හදවතේ කොනක තියාගෙන.
+ + + + + + + + + + + + + + + + + + + + + + + +
සිය අඳුරු කාමරයේ ඇඳ මත වැතිරුණු ඔහුගේ හිතට ගලා ආවේ ඔල්ගාගේ සොඳුරු රුව....ඇගේ අහිංසක දෑස.....ඔහු තනිව සිනාසුනා...හිත පිරුණු සොඳුරු සිතිවිල්ලෙන්.ඉවසුමක් නැහැ ඔහුගේ හිතට...පසුදින උදාවෙන තෙක් ඇයගේ සොඳුරු වත දකින්නට...ඒ මියුරු තෙපුල් අසන්නට...
- මතු සම්බන්ධයි -
පසු සටහන -
අදින් වසර 30 කට පමණ පෙරාතුව 1983 අප්‍රේල් මස මුතුහර සඟරාවේ මංගල කලාපයේ පලවී තිබූ මෙහි සම්පූර්ණ ලිපියේ රචකයා කවුරුදැයි එහි සඳහන්ව තිබුනේ නැත.එසේම ඉන්පසු කිසිම මොහොතක මෙම ලිපිය වෙනත් මාධ්‍යයකින් මට කියවන්නට හැකි වූයේද නැත.අවශ්‍යතාවය කොටස් කිහිපයක් ඉවත් කර එක් කර ඇත...ලිපිය දීර්ඝ වීම නිසා කොටස් කිහිපයකින් පලකිරීමට සිදුවූ බව සලකන්න......
ඈ මහළු මිනිසා සමග විවාහ නොවූවා නම් ?? .මට එහෙම හිතුනා .මේ ලිපිය අපූරුයි.දීර්ඝ ලිපියක් උනත් දිගටම ලියන්න . ඉතිරි කොටසත් බලමු...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteම්ම්ම්...එහෙම නොවුනා නම්.?ඉතුරු කොටස් ටිකත් පුළුවන් ඉක්මනට දාන්නම්...
ReplyDelete:)
මාත් ගෝර්කිගේ "අම්මා" පොත ඉස්සෙල්ලම කියෙව්වෙත් ඔය වගේ කාලෙදි වගේ ජගත් අයියේ...මට ඒ පොතේ මතකේ රැඳිලා තියෙන තැන පාවෙල් මිටියක් අරන් තාත්තට ගහන්න යන තැන විතරයි.ඊට පස්සේ ගෝර්කිගේ වෙනත් පොත් කිහිපයක් කියවන්න ලැබුනත් "අම්මා" නැවත කියවන්න අවස්ථාවක් ලැබුනේ නැහැ.ඉතුරු ටික පුළුවන් ඉක්මනට දාන්නම්...
ReplyDeleteමමත් අම්මා කියෙව්වේ ගොඩක් චූටි කාලේ. මට සමහර දේවල් තෙරුනේම නැහැ. අම්මා ඇවිත් විහිලු කළා පණ්ඩිතයා වෙන්න හදනවා කියලා. මම පොත බාගයක් කියවලා විසික්කා කළා. අද වෙනකං තාම ඇල්ලුවේ නැහැ. හැබැයි අමුතු ආශාවකින් හිත හිරිවට්ටලා ගියා මේක කියවද්දී.
ReplyDeleteගෝර්කිගේ අම්මා ද ? නැත්නම් ගෝර්කිගේ චරිතේ ද ? එහෙමත් නැත්නම් මේ ගැහැණිය ද ?
ගැහැණිය වෙන්න බෑ.
එන්න දකින්න බොර දියක ඉඳුවර