
ඇත්තටම මොකක්ද මේ ආදරය කියන්නේ..?
ආදරය ගැන බොහෝ දෙනා බොහෝ නිර්වචන දිලා තියෙනවා.විශේෂයෙන් නිර්මාණකරුවන් විසින්ඒ බොහොමයක් නිර්වචන සමාන වෙනවා වගේම සමහරක් එකිනෙකට වෙනස් නිර්වචනත් තියෙනවා...
“ආදරය සේ සුවදෙනා - අන් ලොවේ නැත රසඳුනා“
කියලා එදිරිවීර සරත්චන්ද්‍රයන් ආදරය ගැන අපූරු නිර්වචනයක් දෙද්දී තවත් ගීත රචකයෙක් හරි අපූරු විදියට මෙහෙම ලියලා තිබුනා...
“ඉවුරු දෑලේ හිඳ බැළු විට
ගඟ හැඩයි කදිමයි...
දියට වන් විට එවන් ගඟුලම
බිහිසුණුයි චණ්ඩයි... “
හැබැයි නන්දා මාලිනි මහත්මිය ගජමන් නෝනා ටෙලි නාට්‍යට ගයපු තේමා ගීතයේ මෙහෙම කියනවා...
“ජීවිතේ කවියක්
ආදරය එහි
සොඳුරුතම වදනක්...“
ඒ අතරෙදි චන්දන ලියනාරච්චි ගායනා කරපු ගීතයක මෙහෙමත් කියලා තියෙනවා...
“ප්‍රේමය ලොව හැමතැනම ඇති
හැමදෙනටම හමුවෙලා ඇති...
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැති... “
මගේ පැත්තෙන් ගත්තොත් මම වැඩිපුරම කැමති ඔය අන්තිමට තියන පද ටිකට.මොකද අපි ආදරය කියන්නේ මොකක්ද කියලා දහදෙනෙක්ගෙන් ඇහුවොත් ලැබෙන්නේ උත්තර දහයක්..සමහරුන්ට ආදරය කියන්නේ මොකක්ද කියලා ඇහුවම දෙන්න උත්තරයක් නැහැ...ඉතිං එහෙම එකේ ආදරය ගැන හරියටම නිර්වචනයක් දෙන්න පුළුවන් කියලා මට නම් හිතෙන්නෑ.පාසල් යන කාලේ බැඳුනු ප්‍රේමයත් එක්ක ඒ දවස්වල හිතන් උන්නේ ආදරය කියන්නේ ඒකට කියලා...ඒත් අද වෙනකොට තමා හිතෙන්නේ එතන තියෙන්න ඇත්තේ ආදරය නෙමෙයි ආකර්ෂණය විතරයි කියලා...හැබැයි පසුකාලීනව ඒ තත්වේ වෙනස් උනා කියලත් වෙලාවකට හිතෙනවා...
ඔය අතරේ එදිනෙදා සමාජයේ ඉන්න ගොඩක් අයත් ආදරය සම්බන්ධ එක එක ප්‍රකාශ කරලා තියෙනවනේ.අපි O/L කරන කාලේ කෙල්ලෙක්ගේ හරි කොල්ලෙක්ගේ හරි Autograph එකක් අරන් බැළුවොත් ඒ වගේ වැකි ඔනතරම් හොයාගන්න පුළුවන් කම තිබුනා.අද වෙනකොටත් ඒ තත්වේ වැඩි වෙනසක් වෙලා නෑ නියලා හිතනවා...දැන් නම් fb එකට ගොඩවැදිලා ටිකක් වෙලා හිටියොත් ඒ වගේ ඒවා ඔනිතරම් හොයාගතහැකි...
“සැබෑ ආදරයක් කෙලවර වන්නේ එක්වීමකින් නොවෙයිනම් මරණයෙනි...“
“ආදරය යනු ලොව උතුම්ම වස්තුවයි...“
කියලා මේ වගේ අපබ්‍රංස ඔනිතරම් කියලා තියෙනවා...හැබැයි වැඩේ තියෙන්නේ ඔය වගේ දෙවල් කියන හා දාන උදවියත් ඇත්තටම ඕවා ඒ ආකාරයෙන්ම කරනවද කියන එක... :D
කොහොම උනත් විකිපීඩියාවේ ආදරය ගැන දීලා තියෙන්නේ මෙහෙම නිර්වචනයක්...
“ආදරය යනු බැඳිම සහ ලිංගික ආකර්ශනයට සම්බන්ධ හැඟීම් සහ අත්දැකීම් සමුදායක මිශ්‍රණයකි...“
ඔය කියල තියෙන කතන්දරේ ඇත්තද කියලා ඉතිං දන්නෝ දනිති.මේ ආදරේ ගැන මට මේ දවස්වල හිතිලා තියෙන හැටි...
“ආදරය යනු නෙල්ලි ගෙඩියක් වැනිය...“ :D
ආදරය නෙල්ලි ගෙඩියකට සමාන වෙන්නේ කොහොමද කියලා සමහරු දැන් අහයි...කවදමහරි දවසක නිවීසැනසිල්ලේ නෙල්ලි ගෙඩියක් කාලා තියෙන කෙනෙකුට තේරිලා ඇති නෙල්ලි ගෙඩියක් ඇතුලේ එකිනෙකට වෙනස් රසයන් ගනනාවක් තියෙනවා කියලා...ආදරයත් ඒ වගේ...ආදරය කියන හැඟීමත් එක්ක බැඳුනු විරහව,රාගය,ඉරිසියාව...වගේ නොයෙකුත් දේ තියෙනවා.ඉතිං මම ආදරය නෙල්ලි ගෙඩියකට උපමා කිරීමේ වැරැද්දක් දකින්නේ නැහැ...මේ හිතෙන විදිය පස්සේ කාලෙක කොහොම වෙයිද කියලා දන්නේ නෑ...මේ අද මේ මොහොත වෙනකම් මට ආදරය ගැන මේ දවස්වල හිතිලා තියන හැටි... :D
කොහොම උනත් අන්තිමට කියන්න තියෙන්නේ මෙන්න මෙහෙම තමයි...
“එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැති...“
ඉතිං ඔන්න ආදරය කියන්නෙ මොකක්ද කියලා ලියපු post එක මෙහෙම ඉවර වෙනවා.ඒත් ආදරයත් එක්ක බැඳුනු තවත් හැඟීම සමුදායක් තියෙනවා කියලා කලින් කිව්වනේ...ඉතිං ඉදිරි දවස්වලදි ආදරයට ආදරය කරමින් අපි ඒ ගැන වගේම ආදරය ගැනත් තව කතා කරමු...!
ප.ලි.
කාලෙකට කලින් ලියන්න හිතන් උන්නු මාතෘකාවක්...අද උදේ හිතුන සිතුවිලි ටිකක් එක්ක ආපහු ලියන්න හිතුනා.ලියන්න පටන් ගන්න කොට හිතන් උන්නේ එක post එකකින් ඉවර කරන්න පුළුවන් වෙයි කියලා.ඒත් ඒ ඔක්කොම ලියන්න තව post කිහිපයක්ම ලියන්න වෙයි වගේ...
ආදරය සුන්දර වරදක් බං……
ReplyDeleteකිසිමදාක සමාවක් ලැබෙන්නැති නේද...?
Deleteආදරය සහ ප්‍රෙමය එකක් ද ? මෙ ලොකෙ පවතින්න හැදුනු අමරනීය සිතුවිල්ලක් ආදරය .ආදරය ගැන ඇත්තටම දන්න කෙනෙක් සිටිනවානම් කිසිදා ඔහු හො ඇය ආදරය නොකරනු ඇත .
ReplyDeleteආදරය හා ප්‍රේමය කියන්නේ එකක්ද කියන ප්‍රශ්නෙට උත්තර මාත් තවම හොයනවා...
Deleteආදරය කියා දෙයක් නොපවතී. ඇත්තේ ගනු දෙනු පමණි.
ReplyDeleteවර්තමානයේ තියෙන සමහර ආදරයන් දිහා බලද්දි ඒ කතාවත් ඇත්ත නලින් අයියේ...
Deleteහුචස්....
ReplyDeleteපේමය ගැන කතා කොරල වැඩක් නෑ මචං... සෝකෙ තමා සෝකෙ...
මං හිතුවෙ පෝස්ටුව අප්පිරිය වෙයි කියල ඒත් උඹ ලෙසටම ලියල තියෙනව... ජයවේව....
අපි පේම කරනවා පේමෙට දිවිය පුදනවා... ඒත් පේමෙ අපිට මේම කොරනවා....
..
..
කෝමද...
..
..
??
..
කව්ද දන්නෙ යකෝ...
..
මගෙන්ම අහනව...
..
හ.....................
හෙ..හේ...
Deleteතැන්කූ මහෙෂ් අයියා...
මොනා උනත් ආදරෙත් හරියට Drugs වගේ නේ....?
This comment has been removed by the author.
ReplyDelete