Wednesday, January 22, 2014

“බට්ටා භීතිකාව“ වැළඳුන විදුහල්පතිතුමා...

දිනය මීට දවස් 2කට පමණ ඉහතය.හරියටම කිව්වොත් ටෙස්ට් මැච් එකේ අන්තිම දවසය.හවස් වරුවේ තිබ්බ වැඩ සබ්බ සකලමනාවම ඉවර කර ඉඳගත්තේ මැච් එක බලන්නටය.ඕවරයක් දෙකක් ඕනනම් බලන්නට ඇත.ඉස්සරහා ගෙදර පොඩි එකා ගෙදරට දිව්වේය.ඒකා ලඟපාතක ඉන්නාවිට ප්‍රශ්න අසා නම් අවසනක් නැත.එපමණක් අසන්නට දේවල් ඒකාට ඇත.

ඔහොම ටික වෙලාවක් ගියේය.වැරදීමකින් remote එක එබී TV එක හිරු එකට මාරු විය.එතකොට ගියේ Ben 10 ය.ඒක දැක්කා විතරය...කොල්ලා මෙහෙම ඇහුවේය....


“අයියේ...පොඩි ලමයින්ට මේක බලන්න හොඳ නැහැ නේද...? “ 

මට නිකම් මඥ්ඥං වගේ විය.මොකද දන්නා තරමින් Ben 10 කියන්නේ 18+ එකක් කියා කවුරුත් කියා නැත.එ වගේම පොඩි එකා පහුගිය කාලයේ Ben 10 කාටුන් අතනොහැර බැළුවේය.

“අර මොකෝ.? “

“අර සූර වීර බට්ටා එකත් බලන්න හොඳ නැහැල්ලු ලමයින්ට...“

වැඩේ නම් අදහන්නට බැරිය.පොඩි එකෙක් මෙහෙම කියනවා ඇහුවාමය.
“ඈ...කවුද එහෙම කිව්වේ.? “

“ඉස්කෝලෙන්...අයියා දන්නවද ඇයි කියලා.? “

පොඩි එකා යන්නේ මාද කුඩා කල ගිය පාසලටමය.හැබැයි අපිට නම් කවදාවත් කාටූන් බලන්නට එපා කියා නැත.

“ඇයි.? “

“අර සූර වීර බට්ටා එකේ ‘සැන්ඩෝ‘ සර් ඉන්නේ...එයා ප්‍රින්සිපල් නේ...ඒක නිසා එපා කිව්වේ.“

වැඩේ මීටර් උනේ දැන්ය.බට්ටා සැන්ඩෝ සර්ගේ යටිකූට්ටු වැඩ හෙලි කරමින් සැන්ඩෝ සර්ට අම්බානකට නෙලන්නේය.බලන්නට එපා කියා ඇත්තේ ඒ නිසාය.

විදුහලේ ඉන්නේ අළුතෙන් ආ විදුහල්පතිතුමෙකි.විදුහලට පැමිණීමේදි දෙමව්පියන්ගෙන්ද විරෝධතා එල්ලවූ ඔහුට එකාතකට බලන විට “බට්ටා භීතිකාව“ වැළඳීම අරුමයක් නොවන වග මට නිකමට සිතුනි.

පොඩි උන්ට cartoon බලන්නට එපා යැයි කීවේ පාසලේ වැඩද නොකරමින් cartoon බැලීම වැලක්වීමේ අරමුණින් නම් එය ඉතාමත් හොඳය.එහෙම නැතිව ලමයින් හදන්නට සිතා එසේ කීවා නම් එය අතීසාරයට අමුඩය ගැහුවා වගේ වැඩක්ය....මොකද cartoon වලටත් වඩා ලමා මනසට ගෝචරනොවන බොහෝ දේ උන් TV එකෙන් දකින නිසාය.
අනික් අතට බලන විට අයුක්තියක් හෝ අසාධාරණයක් හමුවේ කොන්ද පණ ඇතිව කතා කිරීමට දරුවන් හුරු කල යුත්තේ කුඩා කල සිට බව මට දැනෙන හැඟීමයි.නැතිනම් වත්මන් සමාජය හැසිරෙන විදිය අනුව උන් ලොකු වූ පසු මේ සමාජයේ ජීවත් වීම වඩා අසීරු වනු ඇත...නොමලවුන් මලවුන් සේ නිදිගත් රටක තමන් වෙනුවෙන් සේම අනෙකා වෙනුවෙන්ද අසාධාරණයකදී නැගි සිටිය යුතු බව උන්ට තේරුම් කල යුතුය...

Saturday, January 18, 2014

බලු දානය... - Donate of Dogs...

ගෙවුනු සතියේ ලියවුන “බිරිඳ“ ගැන post එකට හිතුවට වැඩිය හොඳ ප්‍රතිචාරයක් ලැබුනා.ඉතින් තවත් වෙනසකටත් එක්ක මේ පාර ආගම දහමට සම්බන්ධ දෙයක් කතානරන්න හිතුවා.ඒ තමයි “දානය“ ගැන.දානය පිළිබඳව බුදු දහමේ වගේම අනිත් හැම ආගමකම වගේම සඳහන් වෙන නිසා මට හිතෙන්නෙ දානය කියන දේ ලෝකේ තියන හැම ආගමකටම පොදු දෙයක් කියලා.දානය ගැන අද post එක ලියන්න හිතුනේ අද දවල් පරණ photos ටිකක් අදිද්දි හම්බුන photo ටිකක් දැකලා මේ සිද්ධිය මතක් උන නිසයි.

හැම අවුරුද්දකම ඔක්තෝම්බර් මාසේ පෝයට පන්සලේ උදේ සිල් ඇත්තන්ට දානය දෙන්නේ අපේ ගෙදරින්.පුරුද්දක් විදියට අපේ ලොකු අම්මලා වගේම ලඟම හිතවතුනුත් මේකට සහභාගි වෙනවා.ගිය පාර දානය දුන්නේ මතක හැටියට 6 වෙනි පාර වගේ.

ඔන්න ඉතින් දානයත් හදාගෙන පන්සලට ගිහින්,දානේ බෙදලා කරලා ඔක්කොම ඉවර උනා කියමුකෝ.කට්ටිය දන්නවනේ දානේ බෙදුවට පස්සේ සිල් ඇත්තෝ දානය ගන්න කලින් බත් එකෙන් කොටසක් අයින් කරනවා කියලා.ඒ එකතු වෙන ටික සාමාන්‍යයෙන් දාන්නේ දොල පාරකට වගේනේ මාළුන්ට කන්න.ඉතින් එදත් ඔහොම එකතු කරපු දානේ කොටස් වගේම වැඩිපුර තිබ්බ බත් එහෙමත් තිබුනා.ඉතින් ඔය ටික යන ගමන් දොළ පාරකට දාන්න හරි සතෙකුට දාන්න හරි ගියේ අපිත් එක්ක shop එකේ ඉන්න අසංක අයියා...

දවස් දෙකකට පස්සේ වගේ shop එකට ගියාම අපූරු නමක් තිබුන Balu dane කියලා තිබ්බ folder එකක් computer එකේ තිබුන නිසා නිකමට open කරලා බැළුවා.ඒකේ තිබ්බ photos ටික තමා ඔය පහලින් තියෙන්නේ...








කොහොමද ඉතින් බලු දානේ කට්ටිය භුක්ති විඳන හැටි.?වෙලා තියෙන්නේ යන කොට අර කෑම ටික දොල පාරකට දානවා වෙනුවට අර අයියා කරලා තියෙන්නේ ඒ ටික ගෙදරට යනකම් අරන් ගිහින්,ගෙදර හදලා තිබ්බ මස් හොදිත් එක්ක දාලා ඒ පැත්තේ ඉන්න අයිතිකාරයෝ නැති බළු රෑනකට කන්න ගිහින් දීලා.තව මේකට ඒ අයියගේ තාත්තත් support කරලා තියෙනවා.

දානය කිව්වම ගොඩක් අය හිතන් ඉන්නේ පන්සලේ හාමුදුරුවන්ට දෙන දානය විතරයි දානය කියලා.හැබැයි ඒක එහෙම නෑ.මට හිතෙන විදියට සතෙකුට කන්න දුන්නත් ඒ වගේම පිනක් සිද්ධ වෙනවා ඇති.මොකද මනුස්සයෙකුට බඩගිනි උනොත් ඉල්ලගෙන හරි කයි.ඒත් සතෙක් ඒ දේ කරන්නේ කොහොමද.?

ප.ලි.

දානය ගැන ලියනවා කිව්වම කට්ටිය හිතුවද දන්නෑ අද බණ කතාවක් කියන්න යනවා කියලා.එහෙම නැහැ.මේ photos ටික දැක්කම මතක් උනු සිද්ධියක් ගැන ලිව්වේ.දානය ගැන බුදු දහමේ තියෙන හැටි පල්ලෙහා තියෙන සබැඳි ලිපි වලින් ඕනි අයට බලාගතහැකි. 

Saturday, January 11, 2014

"බිරිඳ" යනු කවරෙක්ද.? - Definition of Wife...

ද post එක ලියන්නට වෙන්නේ මට නම් කිසිසේත්ම අදාල නැති කෙනෙකු පිලිබඳවය.විවාහ වී සිටින හා විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට නම් මේක වැදගත් වන්නටද පුළුවන.ඒ කෙනා අන් කිසිවෙකු නොව “බිරිඳයි“.

ඇය තරම් විවාදයට පාත්‍රවූ කෙනෙකු සොයාගන්නට හැකිවේද යන්න සැක සහිතය.ඇය වෙනුවෙන් නිර්වචන සපයන්නටද පිරිමි පාර්ශවය කිසිම දිනක මැලිවීද නැත.අද අහම්බෙන් වගේ නෙත ගැටුනු මේ නිර්වචන කිහිපයත් එවැනිම අපූරු නිර්වචන කිහිපයක්.උපුටා ගත්තේ 1991 අගෝස්තු මුතුහර කලාපයෙන්.

ඒ කියන්නේ මම යන්තම් පෙරලෙන වයසේ ඉන්න කාලේ බිරිඳ ගැන ඉදිරිපත් වෙලා තියෙන අදහස්.හැබැයි මේ හැම අදහසක්ම වගේ අදටත් අදාලයි කියලයි මට නම් හිතෙන්නේ.


01.බිරිඳ යනු ඔබ පවසන දේ ඇසීමට සූදානම් නැතත්,
     “ඇයි ඔයා මොකුත් නොකියන්නේ..? “ යැයි නිතර අසන තැනැත්තියයි.


02.බිරිඳ යනු එකම හේතුවකට ඇඬීමට මෙන්ම,සිනාසීමට හැකි තැනැත්තියයි.සමහරවිට ඔබ තුල පුදුමය ඇති
     කරමින් ඇය එකම වේලාවේ මේ ක්‍රියාවන් දෙකම සිදුකරයි.


03.ක්‍රීඩාවට කැමැත්තක් නොදැක්වූවත් හැම විටම ජයග්‍රහණය කරන තැනැත්තියයි.


04.පිලිවෙලකට ඔබේ පවුල සකසන්නී බිරිඳයි.

 
05.බිරිඳ යනු ඔබ තෝරන සෑම දෙයකටම අකමැත්ත පලකරන තැනැත්තියයි.


06.ඔබේ යම් ක්‍රියාවකට උදව් දීමෙන් පසුව,එම ක්‍රියාව සම්පූර්ණයෙන් කලේ තමා යැයි උදම් අනන්නේ
     බිරිඳයි.



07.ඔබේ මිතුරන් සියළු දෙනාගේම මාතෘකාවයි.


08.“මෙතැනින් යනවා යන්න.“ යැයි පවසතත්,යටි සිතින්
     “ අනේ මාව තුරුල් කරගන්න.“ යැයි කියන තැනැත්තියයි.



09.ඔබේ සිහින තුල ස්වර්ණමය වැලිතලා,සිහිළැල් දිය ඇළි, මද උණුසුම් කඳුවැටි හා සුළං රැළි සිතුවම්
     කරන්නී බිරිඳයි.



10.ඔබට මෙන්ම ඔබගේ දරුවන්ටද මවක වන තැනැත්තියයි.


ඔන්න ඔහොම තමයි ඒ කට්ටියනම් කියලා තිබුනේ.අත්දැකීම් තියන අයට වෙනත් නිර්වචන තියේනම් ඒවත් මෙතන comment එකක් විදියට කොටලා ගියාට තරහක් නැහැ.නොදන්න අයටත් දැනගන්න.

Thursday, January 9, 2014

කවිය නුඹ හා මම...

තීතයේ ගෙවුනු ඒ දවස් කොච්චර නම් ලස්සනද.?මතකද ඒ දවස්වල වෙලාවක් කලාවක් නැතිව නුඹයි,මමයි දොඩමළු උන අපූරුව.?පන්ති කාමරයේ අන්තිම පේලියේ,වෙලාවකට පාළුවට ගිය පුස්තකාලයේ මේස කොනක කොච්චරක් නම් අපි දොඩමළු වෙන්නට ඇද්ද.?නිදිමත හැදෙන B.S. පාඩම් අස්සේ, බය හිතෙන Econ සර්ගේ වදන් අතරේ හැමෝටම හොරා අපි දොඩමළු උන ඒ දවස්වල මතක සටහන්, අදටත් ඉඳහිට පරණ පොත් වල අන්තිම පිටු කිහිපය පෙරලද්දි අතරින් පතර හමුවෙනවා...

ඉතින් ආදරණීය සබඳ...අද නුඹ දුරට වී මන්ද...?

“කාලෙකට ඉස්සර
 නුඹ එක්ක තනිවෙලා...
 පැය ගණන් වරු ගණන්
 මතකයිද දොඩමළු උනා...

 තනිකමට හුරුවෙච්ච
 පාළු හිත් මානයට...
 ඇය ලංවුදා පටන් 
 ගියා නොකියාම නුඹ දුර...

 අදත් ඉඳහිටක ‘විත් එබෙන
 නොම රැඳෙන ‘මුත් ලඟක...
 දුරක ගිය ඇය නිසා
 පාළු උන හිත හැදුව...

 හිතයි මට නුඹ එක්ක
 යලි ඉතින් පෙමින් බැඳෙන්නට...
 කාටත් හොරා නුඹ එක්ක
 පෙරලෙසට දොඩමළුව ලඟ ඉන්න...

 ඉතින් නුඹ එනවාද 
 ආයෙමත් ආදරෙන් ලඟ ඉන්න...
 වෙන්ව උන් අතීතයේ මතක
 අකුරු කර ගලපන්න...

 තනිවෙමු යලිත්
 එක් මොහොතක...
 ආදරණීයම...
 කවිය නුඹ හා මම...


All rights reserved.Registerd@08/01/2014


Wednesday, January 1, 2014

අරුත්බර හෙටක් උදෙසා... - 1st Anniversary of “ හිතුවක්කාරයෙකුගේ සටහන් “...

සරක් පුරාවට අපිත් එක්ක ලඟින් උන්නු 2013 යන්න ගිහින්...ඒ උදාවුනු 2014 ට ඉඩදීලා.ඉතින් හැමෝටම සුබ නව වසරක් කියලා ඉස්සෙල්ලම ප්‍රාර්ථනා කරනවා...අද නව වසර උදාව වගේම මටත් විශේෂ දවසක්...ඒ අදට “හිතුවක්කාරයෙකුගේ සටහන් “ Blog එකට හරියටම අවුරුද්දක් පිරෙනවා...

හරියටම අවුරුද්දකට කලින් අද වගේ දවසක පලවෙනි Blog post එක ලියද්දි දැනුනු හැඟීම මේ දැනුත් දැනෙනවා වගේ.හිතේ තිබුනු ආසාවට පටන් ගත්ත blog එක දිගටම ලියනවා කියලා idea එකක් තිබුනත්,ගෙවුනු අවුරැද්ද පුරාවටම ලියවිලා තියෙන්නේ post 19 ක් විතරයි...ඒකත් අවාරෙට එක දෙක වගේ...කොහොම උනත් පහුගිය වසරම plan කරලා කරන්න හිටපු ගොඩක් දේ මගනතර උනු වසරක් උනා...කොහොම උනත් වැරදි අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න මේ අවුරුද්දේ ලබපු අත්දැකීම් ගොඩක් වැදගත් වෙනවා...බලමු ඉතින් ඉස්සරහට...

“හිතුවක්කාරයෙකුගේ සටහන් “ ආරම්භ කරද්ද් වගේම ඉඳහිට හරි post එකක් දාලා මෙච්චර කාලයක් කරගෙන යන්න සහයෝගය දීපු හැමෝටම ස්තූතියි...Blog එකට ඉස්සරවෙලාම වගේ ගොඩවැදුනු ජගත් චන්දන අයියා , බුද්ධි ප්‍රතිභා ,වගේම විවිධ තාක්ෂණික දෝෂ නිරාකරනය කරගන්න සහයෝගය දීපු හැමෝටමත්, නම් කියන්නට බැරි උනු ගොඩවැදිලා Comment කරපු ,නොකරපු හැමෝටමත්, Blog එක කියවන්නන් අතරට ගෙනියන්න ගොඩක් උදව් කරපු සින්ඩිකේටර් ඇඩ්මින්ලටත් නැවත වාරයක් බොහොම ස්තූතියි...!

ලැබුවා වූ නව වසරේ හැමෝගෙම හිත්වල තියෙන බලාපොරොත්තු ඉටුවෙන්න කියලා ආපහු පාරක් ප්‍රාර්ථනා කරනවා වගේම “ හිතුවක්කාරයෙකුගේ සටහන් “ එක්ක දිගටම ඉන්න කියලත් හැමෝටම ආරාධනා කරනවා...ඒ වගේම හැමෝගෙම හිත්වලට අළුත් අදහසක් දෙන්න ඕනි කියලත් මට හිතුනා...
A/L class වල අන්තිම දවසෙදි Accounting කරපු හේමාල් සර් කියපු මේ වචන ටික හැමදාමත් මට වැදගත් වෙච්ච වචන ටිකක් උනා.සර්ගේ වචන වලින්ම කියනවනම්...

“පුතේ...ඔයාලා මෙතනින් එලියට ගිහින් අනාගතයේදි කවුරු උනත් තමන් කරන දේ හරියටම කරන්න...ඔයා sweep ticket වික්කත් කමක් නෑ.ඒ දේ හරියටම කරන්න.කවදාවත් වරදින්නෑ...“


                           හැමෝටම සතුට , ආදරය ලඟ රැඳෙන සුබ නව වසරක් වේවා..!

Popular Posts

Total Pageviews

Powered by Blogger.

Followers

සුළඟ වගේ...... හිටියත් නෑ වගේ...නැතත් හිටිය වගේ....

My Blog List