Tuesday, December 3, 2013

සමුගනිමු...නුඹට...සුභ ගමන්... - R.I.P. Paul Walker....

ද උදේ ඉඳන් facebook පැත්තටවත් එන්න වෙලාවක් තිබ්බේ නැහැ.දවල් ඇවිත් ලොග් වෙද්දිම දැක්කේ පිස්සු හැදෙන news එකක්.ඒ Paul Walker කියන ලොවක් ආදරය කල ඇමරිකානු සුපිරි නළුවා රිය අනතුරකින් මියගියා කියන ආරංචිය.කුමන රටකට,ජාතියකට අයිති උනත් ඔහු විශිෂ්ඨ රංගන ශිල්පියෙක් බව පිලිගන්න පුළුවන් කාරණාවක්.Paul Walker කියන නමට වඩා මට හිතෙන විදියට ඔහුව බොහෝ දෙනා හඳුනන්නේ Fast & Furious චිත්‍රපට මාලාවේ එන Brian O'Corner චරිතයේ නමින්.කවදාවත් film collection එකතු නොකරපු මම Fast & Furious චිත්‍රපට මාලාවම එකතු කලේ Paul Walker හා Vin Diesel හට දැක්වූ ප්‍රියතාවය නිසාමයි.ඒ වගේම කාලයක් ඔහුගේ Hair Style එකත් අනුකරණය කරන්නට උත්සහ කලා මතකයි.මතක විදියට ඒ Fast & Furious චිත්‍රපට මාලාවේ 2 වන කොටස බැළුව දවස්වල.




1973 සැප්තැම්බර් 12 වෙනිදා කැලිෆෝර්නියාවේදි උපන් Paul walker සිය 40 වසරක කෙටි ජීවිත කාලය තුලදී චිතුපට 30 කට පමණ සිය රංගන දායකත්වය ලබාදුන්නා.නිරූපණ ශිල්පියෙකු ලෙස පැමිණ 1986 දී Monster in the Closet චිත්‍රපටයෙන් සිනමාවට අත්පොත් ලැබූ ඔහුව ජනප්‍රියත්වයේ හිනිපෙත්තට රැගෙන ගියේ Fast & Furious චිත්‍රපට මාලාවේ එන Brian O'Corner චරිතයයි.වේගය නිසා ලොවක් වසඟයට ගත් මේ සුපිරි නළුවාට වේගය නිසාම සිය ජීවිතයෙන්ද සමුගැනීමට සිදුවීම නම් දෛවයේ සරදමක් වගේ.Fast & Furious 6 වෙනි එක බැළුවේ Fast & Furious 7 කවද්ද එන්නේ කියලා හිත හිතා.ඒත් අපිට Paul Walker නැවතත් එහි දකින්න ලැබෙන්නේ නැහැ.ඔහුගෙන් හිස් වූ තැනට ආදේශකයක් සෙවීම නම් ලෙහෙසි පහසු දෙයක් වෙන එකක් නැහැ...

කොහොම උනත් දැන් Paul Walker යලි නොඑන්නට  අපෙන් සමු අරන්...ඔහුට ඔහුගේ ආගමේ ලෙසටම සමාදානයේ සැතපේවා කියලා ප්‍රාර්ථනා කරනවා....පහත දැක්වෙන්නේ Paul Walker නම් සුපිරි නළුවා ගැන කෙටි තොරතුරු එකතුවක්...ගෙඩි පිටින් ඉස්සුවේ නම් wikipedia එකෙන්.


Paul Walker
PaulWalkerEdit-1.jpg
Walker in 2009 at the Fast & Furious premiere in London's Leicester Square.
BornPaul William Walker IV
September 12, 1973
Glendale, California, U.S.
DiedNovember 30, 2013 (aged 40)
Valencia, California, U.S.
Cause of deathTraffic collision
OccupationActor
Years active1985–2013
Known forThe Fast and the Furious film series
Children1
Website
www.paulwalker.com


Paul Walker රංගන දායකත්වය ලබාදුන් චිත්‍රපට එකතුව


YearTitleRoleNotes
1986Monster in the Closet'Professor' Bennett
1987Programmed to KillJason
1994Tammy and the T-RexMichael
1998Meet the DeedlesPhil Deedle
1998PleasantvilleSkip Martin
1999Varsity BluesLance Harbor
1999She's All ThatDean Sampson
1999Brokedown PalaceJasonUncredited
2000The SkullsCaleb Mandrake
2001The Fast and the FuriousBrian O'Conner
2001Joy RideLewis Thomas
2002Life Makes Sense If You're FamousMikey
2003Turbo-Charged PreludeBrian O'Conner6 minute short film introductory film for 2 Fast 2 Furious
20032 Fast 2 FuriousBrian O'Conner
2003TimelineChris Johnston
2004NoelMike Riley
2005Into the BlueJared Cole
2006Eight BelowJerry Shepard
2006Running ScaredJoey Gazelle
2006Flags of Our FathersHank Hansen
2007Stories USAMikey
2007The Death and Life of Bobby ZTim Kearney
2008The Lazarus ProjectBen Garvey
2009Fast & FuriousBrian O'Conner
2010TakersJohn Rahway
2011Fast FiveBrian O'Conner
2013Vehicle 19Michael Woods
2013Fast & Furious 6Brian O'Conner
2013HoursNolan
2013Pawn Shop ChroniclesRaw Dog
2014Brick MansionsDamienPost-production
2014Fast & Furious 7Brian O'ConnerPost-production

Paul Walker රංගන දායකත්වය ලබාදුන් රූපවාහිනි වැඩසටහන් එකතුව


YearTitleRoleNotes
1985Highway to HeavenEric Travers1 episode
1986Highway to HeavenTodd Bryant2 episodes
1986–1987ThrobJeremy Beatty23 episodes
1988I'm Telling!Contestant1 episode
1990Charles in ChargeRussell Davis1 episode
1991Who's the Boss?Michael Haynes1 episode
1992–1993The Young and the RestlessBrandon Collins
1994CBS Schoolbreak SpecialDill1 episode
1994The Boys Are BackJesse HansenPilot episode
1996Touched by an AngelJonathan1 episode
2013Shark WeekHimself1 episode

Paul Walker රංගන දායකත්වය ලබාදුන් Music Videos

YearArtistSong
1997The Mighty Mighty Bosstones"Wrong Thing Right Then"
2003Ludacris"Act a Fool"

Paul Walker රංගනය වෙනුවෙන් සම්මානයට පාත්‍රවූ හා සම්මාන සඳහා නාම යෝජනා වූ අවස්ථා...


YearAwardCategoryFilm/TV ShowResult
2000Young Hollywood AwardExciting New Face – MaleWon
2001Hollywood Breakthrough AwardBreakthrough Male Performance
Received at the Hollywood Film Festival
Won
Young Hollywood AwardNew Stylemaker – MaleWon
2002MTV Movie AwardBest On-Screen Team
Shared with Vin Diesel
The Fast and the FuriousWon
Breakthrough Male PerformanceNominated
2003Teen Choice AwardChoice Movie Chemistry
For Paul Walker and his car
2 Fast 2 FuriousWon
2009Teen Choice AwardChoice Movie Actor: Action AdventureFast & FuriousNominated
2011Teen Choice AwardChoice Movie Actor: Action AdventureFast FiveNominated

පසු සටහන -

Paul Walker පිලීබඳ වැඩිදුර තොරතුරු පහත සබැඳිය ඔස්සේ ලබාගත හැක.
        
                                          Paul_Walker

Tuesday, November 26, 2013

අතීත සිදුවීම් යලි යලිත් සිදුනොවීමට නම්... - ලාංකීය ජනතාව හා බෝවත්තේ ඉන්දරතන හිමි සිද්ධිය...

තැමුන් ජීවිත පූජාවක් ලෙස දුටු,තවත් ඇතැමුන් සියදිවි නසාගැනීමක් ලෙස අර්ථකතනය කල බෝවත්තේ ඉන්දරතන හිමියන් ගව ඝාතනයට එරෙහිව ගිණි තබාගනිමින් මියයාමේ සිද්ධිය සිදුවී 6 මසක් ගෙවීගොස් අවසානය.සිද්ධිය සිදුවූ දින රැයේ හිරු ප්‍රවෘත්ති වලට අදහස් දැක්වූ හිමිනමක් මෙසේ කීවේය.

“හාමුදුරුවන්ගේ ජීවිතේට අනතුරක් උනොත් මීට වැඩිය දරුණු ක්‍රියාමාර්ග අපි ගන්නවා.“


අවසානයේ බෝවත්තේ ඉන්දරතන හිමියන් අපවත් විය.දැඩි ආරක්ෂාවක් මැද එතුමන්ගේ ආදාහන කටයුතුද සිදුවිය.ඒ දිනවල බොදුබල සේනාව,රාවණා බලය වැනි සංවිධාන එම සිදුවීම පිළිබඳව දුක හිතෙන හා ආවේගාත්මක කතාද බොහොමයක් කීවේය.බුකියේ පෙලහර පානා බොහෝ දේශප්‍රේමීන්ද Profile picture එකට කහ කොඩි හා බෞද්ධ කොඩි දමාගෙන සිටියේය.එසේ නැති ඇත්තන්ටද එසේ කරන්නට කියමින් පණිවිඩ යැව්වේය.උන්වහන්සේගේ රුව ඇතුලත් ඡායාරූප දහස් ගණනින් Share කෙරුණි.

ඉන්දරතන හිමියන් ගව ඝාතනයට එරෙහිව ගිණි තබාගනිමින් මියයාමේ සිද්ධිය සිදුවී 6 මසක් ගෙවීගොස් අවසානය.නමුත් උන්වහන්සේ එම ජීවිත පූජාවෙන් බලාපොරොත්තු වූ දේවලින් දශමයක් හෝ ඉටුවී ඇත්ද යන්න ප්‍රශ්නාර්ථයකි.ධර්මද්වීපය කියා කියන ශ්‍රී ලංකාව තුල මේ සටහන තබන හා ඔබ මෙය කියවන මොහොතේත් කොහේ හෝ තැනක ගවයෙක් ඝාතනය කරනවාට,මසට විකුණා දමනවාට,බත් පතේ හරක් මස් දමාගෙන තළු මරමින් රස බලනවාට නිසැකය.පසුගිය කාලයේ එක්තරා ජනප්‍රිය සංවිධානයකින් ලංකාවේ ගව ඝාතනය වැලක්වීම සඳහා පිටරටින් හරක් මස් ආනයනය කරන්නට යෝජනා කල බවක් බුකියේ සැරිසරද්දි නෙතගැටුනි.උන්වහන්සේලා එසේ කියන්නට ඇත්තේ පිටරටවල හරක් ඇපල් මෙන් ගස්වල හැදෙනවා කියා සිතා වියයුතුය.

තමන් සත්‍යය හා යුක්තිය යැයි විශ්වාස කල කරුණක් සාක්ෂාත් කරගැනීම උදෙසා සිය ජීවිතය පූජා කිරිමට තරම් ඉන්දරතන හිමියන් සතුවූ ආත්ම ශක්තිය ගරුකල යුතු හා හිසනමා ආචාර කලයුතු කරුණක් බවට විවාදයක් නැත.නමුදු ගැටළුවක් තිබේ...
      ඉන්දරතන හිමියන්ගේ ජීවිත පූජාව හා එයට පසුබිම් වූ කරුණු අද වන විට ලාංකිකයන් කීදෙනෙකුට මතකයේ ඇද්ද.?තව ටික දිනක් ගතවී යනවී ඔවුන්ගෙන් කී දෙනෙකුට  නම් එය මතකයේ රැඳෙවිද.?

“සිංහලයාට ඕනෑම දෙයක් මතක දින 14ක් පමණකි.“ කියා ප්‍රබාකරන් පැවසු කතාවක් අදද අපට නිරන්තරයෙන් අසන්නට ලැබේ.කොටියා උනත් ප්‍රභාකරන්ගේ ඒ කතාවට ඩොලර් නොව පවුම් දැමිය යුතුය...

වසර 30ක ශාපලත් යුද්ධයෙන් 2009 තෙක් ලාංකිකයන් බැට කෑවේය.තුස්තවාදීන්ට භීෂණය මුදාහරිනවිට එයට ගොදුරු වන්නේ සිංහලයාද,ද්‍රවිඩයාද,මුසල්මානුවාද කියා ප්‍රශ්නයක් තිබුනේ නැත.නමුදු අද වන විට බොහෝ දෙනෙක් හැසිරෙන්නේ එවැන්න් නොතිබුනු ගාණටය.TNA සංවිධානය තවමත් ඒකීය රාජ්‍යය සංකල්පයක් ගැන කතා කරද්දි,මහ විරු දින සමරන්නට සැරසෙද්දි සමහරක් නමට සිංහලයන් ලැජ්ජා විරහිතව ඔවුන් උදෙසා කඩේ යන්නේ ඒ මතකය අමතක කර දමාය.

ජනතාව මත බලෙන් පටවන්නට හැදූ පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප ප්‍රතික්ෂේප කරමින් සිදුකරන ලද උද්ඝෝෂණයේදී රොෂේන් චානක වෙඩිකා මිය ගියේය.පොලීසිය වෙනුවෙන් වගකීම බාරගනිමින් විශ්‍රාම යන්නට දින කිහිපයක් ඉතුරුව තිබූ හිටපු පොලිස්පතිතුමා ඉල්ලා අස්විය.දින කිහිපයකින් රටේ ජනතාවට රොෂෙන් චානක යනු කවරෙක්දැයි අමතක විය.

එම සිදුවීම වී ටික දිනක් ගතවන විට ඉන්ධන මිල ඉහල යෑමට එරෙහිව හලාවතදී කල උද්ඝෝෂණයට එල්ලවූ වෙඩි පහරින් ඇන්තනී ප්‍රනාන්දු මිය ගියේය.රොෂෙන් චානක මෙන්ම ඇන්තනි ප්‍රනාන්දුද ටික දිනකින් මිනිසුන්ගේ මතකයෙන් බැහැරවිය.

අතීත සිදුවීම් වර්තමානයේදි නැවත නැවතත් සිදුවේය යන කියමන යතාර්ථයක් බවට පත්කරමින් පානීය ජලය ඉල්ලා රතුපස්වලදී සිදුවූ උද්ඝෝෂණය අතරතුර සිදුවූ වෙඩි ප්‍රහාරයකින් එයට කිසිදු සම්බන්ධයක් නොතිබූ පාසල් සිසුන් දෙදෙනෙක් ඇතුළු කිහිප දෙනෙක් ජීවිතක්ෂයට පත්විය.සිද්ධිය සිදුවූ දිනවල මාධ්‍ය මගින් පුවත් මවන සිදුවීමක් වූ එය මාධ්‍යට මෙන්ම රටේ බහුතරයකටද බොහෝ සෙයින් අමතකව ගොසිනි.

14 හැවිරිදි දැරියක් දූෂණය කල,කාන්තාවන් සිය දෙනෙකු සමග ලිංගිකව එක්වීම නිමිත්තෙන් සාද දැමූ බවට ප්‍රචලිතවූ සාරුව සුනිල් නීතියේ රැහැනට හසුවිය.නමුදු ඔහුගේ සියළු ජඩකම් අමතක එක්තරා කාලකණ්නි මහජන පිරිසක් (සමාවෙන්න...මෙයට වඩා ඔවුන්ට ඇමතීමට ශිෂ්ඨ වචනයක් මගේ භාවිතාවේ නැත.) ඔහු මුදවා ගන්නට පෙලපාලි ගියේය.අවසානයේදි සාරුව සුනිල් නිදහස් විය.
විද්‍යුත් මාධ්‍යය මගින් අසන්නට හෝ දකින්නට නොලැබුණත් සාරුවා අතින් දූෂණය වූ දැරිය සියදිවි නසාගත් බවට මුද්‍රිත මාධ්‍යක පලවූ පුවතක් මිතුරෙකු විසින් එවා තිබුනි.නොමිනිස් සමාජයක ඉපදීමේ වරදට වන්දි ගෙවූ ඒ දැරිය මෙන්ම එයට වගකිවයුත්තන්ද ලාංකිකයන් ඉක්මණින් අමතක කර දැම්මේය.

මේ උදාහරණ කිහිපයක් පමණි.ලියනවානම් නිමක් නැතිව මෙවැනි සිදුවීම් පිලිබඳව ලිවිය හැක.කෙසේ නමුත් රොෂෙන් චානකලා,ඇන්තනීලා කලින් කලට මතක් වෙන පිරිසක්ද නැත්තේ නොවේ.ඒ දේශපාලකයන්ය...
දේශපාලන වේදිකාවේදි ඔවුන් රොෂෙන් චානකලාව ඡන්දය ලබාගැනීම උදෙසා හොඳ හැටි Market කරති.ඡන්දය ලබාගත් පසු යලි ඔවුන්ව අමතක කර දමති...
බලයේ සිටියදී ජනතාවට චන්ඩි පාට් දැමූ,ජනතාව පීඩනයට ලක්කල දේශපාලකයෝ තමන් කිසිදිනක එවැන්නක් නොකලා සේ ඡන්දයක් එළැඹි කල මහජනතාවගේ දෙපා මුලට ඡන්දය සිඝමින් පැමිනෙති.විසිල් පාර ගසා හුරේ දමන ජනතාවද ඡන්දය දී ඔවුන්ව නැවත පත්කරගනී.

මේ ලංකාවේ හැටිය.ලංකාවේ 99% ක් ජනතාවගේ හැටිය.ආසියාවේ ආශ්චර්ය කියන්නෙත් මෙසේ අමතක වීමේ සහ කිරීමේ රෝගය බරපතල ලෙසටම ජනතාවට වැළඳී ඇති නිසාදැයි කියා විටක සිතේ.අද මේ සටහන කියවන බොහෝ දෙනෙකුට හෙට දවසේදී මේ සත්‍යය අමතක වනු ඇත.


රටක්,ජාතියක් හෝ අඩුම ගණනේ පෞද්ගලිකව තමන්ගේ දියුණුව උදෙසා හෝ ඉදිරියට යෑමට නම් අනිවාර්යෙන්ම මේ අමතක වීමේ සහ කිරීමේ රෝගය සුව කරගත යුතුමය.අතීත සිදුවීම් යලි යලිත්
සිදුනොවීම පිණිස අතීතයෙන් පාඩම් ඉගෙන ගත හැක්කේ එවිටය.එසේ නොවන්නට මේ සියල්ල යලි යලිත් මේ ලක්දෙරණ මත සිදුවෙනවා ඇත.ඒවා අසා දැක, “අනේ අපොයි“ කියමින් කම්මුලේ අත තබාගෙන සිට ටික දිනකින් කිසිවක් සිදුනොවූවා සේ හිඳින්නට ජනතාවට වෙනවාද නිසැකය.


පසු සටහන -

බෝවත්තේ ඉන්දරතන හිමියනි...ඔබ වහන්සේ එවන් කැපකිරීමක් කලේ මෙවන් ජනතාවක් සිටින රටකය.ඉදින්...එයින් පලක් වේද යන්න නම් සැක සහිතය.ඔබ වහන්සේ ජීවතුන් අතර සිටියා නම් කරන්නට තිබූ දේ අපමණය...නමුත් සියල්ල සිදුවී අවසන්ය...

Friday, November 8, 2013

මගේ දේශපාලක සිහිනය... - My politician dream...

පි හැමෝටම හීන තියෙනවා.අපි හීන දකින්න පටන් ගන්නේ පුංචි කාලේ ඉඳන්.ඒ අනාගතේ ගැන.ඒ කාලේ ඉස්කෝලෙදි අනාගතේ කවුරු වෙන්නද කැමති කියලා අහපුවම අපි එක එක දේවල් කිව්වා කියලා හැමෝටම මතක ඇතිනේ...කට්ටිය දොස්තරලා,ඉංජිනේරුවෝ වෙන්න හීන දකිද්දි කවුද කොල්ලෙක් කිව්වළුනේ ඌ තාත්තා කෙනෙක් වෙන්න හීන දකිනවා කියලා.
ඉතිං ඒ මොනා උනත් මේ හීනත් ගොඩක් අයට කාලෙන් කාලෙට වෙනස් වෙනවා.කාලෙන් කාලෙට එක එක හීන දැක දැක උන්නු මාත් ඔන්න මේ ලඟදි ඉඳලා අළුත් හීනයක් දකිනවා...ඒ තමා දේශපාලකයෙක් වෙන හීනය...







“මට ඕනි ලොක්කෙක් වෙන්න
 ඉතිං...
 මම හිතුවා දේශපාලකයෙක් වෙන්න...

 චේ ගුවේරා කැස්ත්‍රෝලා
 කුණු මුල්ලට වීසි කරලා...
 එකතු කරපු පොත් පත්තර
 කඩල ඔතන්නට විකුණලා...

 මං යනවා ඉගෙන ගන්න
 බොරු කියන්න...ගසා කන්න...
 මට ඉහලින් යන එවුන්ගේ 
 අඬු කඩන්න...බෙලි කපන්න...

 අවනීතිය රජ කරන්න
 යුක්තිය දඟගෙට යවන්න...
 පරම්පරා හත අටකට
 හම්බකරලා ගොඩගහන්න...

 අද ඉඳලා ට්‍රයි කරනවා
 දේශපාළුතුමෙක් වෙන්න...
 (සමාවෙන්න...දේශපාලකයෙක් වෙන්න...)

ඉතිං අවශ්‍ය කරන සුදුසුකම් තියනවනම් බ්ලොග් අවකාශයේ ඇත්තන්ටත් පුළුවන් දේශපාලකයෙක් වෙන්න ට්‍රයි කරන්න...ඕනිනම් අපිටත් සපෝට් කරන්න බැරියැ...අනික ඉතිං මේ ඉන්දියන් සාගරයේ අමුතු ඇටේ පඳුරකට පයින් ගැහුවත් මැති ඇමතිලා දෙතුන් දෙනෙක් විසික් වෙන එකේ,අනාගතේ දවසක අපිටත් අඩුගානේ මන්ත්‍රී කෙනෙක් වෙන්නවත් බැරි වෙන එකක් නෑ..............................

Tuesday, November 5, 2013

වේට්ටිය දොර උඩ...එතුමා ගෙදර...- A Story of uncle Rathnayaka...01

මේ ටිකේ ලියන්නට වෙන්නේ සිතන් ඉන්නා දෙය නොව ඊට හාත්පසින්ම වෙනස් දෙයකි.හවස ගෙදර යන්නට බසයෙන් බසින තුරුම සිතා උන්නේ ලියන්නට සිතා සිටි නවකතාවේ පලවෙනි කොටස දමන්නටය.නමුත් අද කියන්නට යන කතාවේ කතානායකයා මතකයට නැගුනු පසු ඔහු පිළිබඳ ලියන්නට සිත් විය.

රත්නායක (ඇත්ත නම එහෙම නෙමෙයි හොඳේ...) මාමා හිටපු ග්‍රාම නිලධාරියෙකි.දැන් පෙන්ෂන්ය. පෙන්ෂන් ගොස් කලක් ගතවන තෙක් ඇඳි ආරිය සිංහල ඇඳුමට සමුදී මෑතක සිට කොල්ලන් අඳිනා T-shirt එකකින් හා කලිසමකින් සැරසී කව්බෝයි තොප්පියක්ද දමාගෙන සුපුරුදු හම් බෑගයද ගෙන යනු මෑතක සිට දකින්නට හැකිවිය.ඔහු එසේ උවද,ඔහුගේ සොයුරන් බොහොමයක්ම නොයෙක් ක්ෂේත්‍ර වලින් සමාජයේ පිළිගත් පුද්ගලයන්ය.මෑතක් වනතුරුම පාහේ ඔහු කිසියම් මානසික ගැටළුවක් උදෙසා බෙහෙත්ද පාවිච්චි කලේය.

මේ සිද්ධිය උනේ එතුමා රාජකාරි කල අවධියේය.ඒ කියන්නේ අපි පුංචි උන් සංධියේය.වර්තමාන බොහෝ රාජ්‍යය සේවකයන් මෙන් රත්නායක මාමාද රාජකාරි කරනවාට වඩා ගෙදරට වී නිස්කාංසුවේ සිටිමට ප්‍රිය කලේය.මොකද රාජකාරි කරන්න යන්නට තිබ්බෙත් නිවසේ ඉඳන් 40-45 Km විතර ඈත ගමක නිසාය.
නමුදු පරහකට තිබ්බේ රාජකාරි දවස්වල ගෙදර ඉන්නට බැරි කමය.ඒ කාලයේ ගම්වැසියන් තුල තිබුනේ ග්‍රාම නිලධාරි ගැන බිය මුසු ගරුත්වයකි...ඒ නිසා රාජකාරියට ගොස් පොත අත්සන් කර ඉක්මනින් ගෙදරට පැනගත්තාට ගම්වැසියන් ඒ ගැන එතුමාගෙන් හේතු අසන්නට යන්නේ නැත...ගැටළුව ඇත්තේ තම උසස් නිලධාරියෙක් නොදන්වා හදිස්සියේ පැමිණියොත්ය.

මේ ගැන දහ අතේ කල්පනා කල රත්නායක මාමාට ඝණ දෙවි නුවණ පහල උනා වැනි අයිඩියා එකක් මීටර් විය...ඊලඟ රාජකාරි දවසේ කාර්්‍යාලයට ගිය රත්නායක මාමා පොත අත්සන් කර පැමිණ සිටි දෙතුන් දෙනාගේ රාජකාරි වැඩද ලහි ලහියේ කරදී පිටත් කර යැවීය.ඊගාවට අසල තිබූ වැසිකිලියට වැදී දොර වසාගත් රත්නායක මාමා එතෙක් වේලා හැඳසිටි වේට්ටිය ගලවා වෙනත් වේට්ටියකින් සැරසුනේය.හැඳ සිටි වේට්ටිය ගෙන වැසිකිලියේ දොර උඩින් දමා එලියට විත් යලි දොර වැසුවේය.දැන් බලන කෙනෙකුට පෙනෙන්නේ ග්‍රාමසේවකතුමා වැසිකිලියේ කියාය.ඊලඟ තප්පරයේදි බෑගයද අතට ගත් රත්නායක මාමා හොර රහසේම ගෙදරට එන්ටර් විය.

දෙයියනේ කියා පහල වූ අපූරු අදහසේ අනුහසින් කලක් ගතවන තුරුම රත්නායක මාමා නිදහසේ රාජකාරි දවසේ වැඩි කොටසක් විවේක සුව වින්දේය.ඒත් කාලයක් ගතවන විට ගමේ උදවියට මේ වැඩේ දිරෙව්වේ නැත.උදේ පාන්දර ග්‍රාමසේවක තුමා පැමිණෙන විටම වගේ එන්නට බැරි උනොත් දවල් වී රාජකාරි කටයුත්තක් කරගැනීම බොරුය.දිනක් දිසාපති කාර්්‍යාලයට ගිය පිරිසක් මේ ගැන පැමිණිලි කලේය.

පැමිණිල්ල විභාග කරන්නට පත් කර තිබුනේ එහි සිටි පරිපාලන නිලධාරියෙකි.තමන්ම පැමිණ මේ ගැන සොයා බලන බව පවසා ඔහු පිරිස යලි පිටත් කර එවිය.කියූ පරිදිම ඊළඟ දිනයේදි ඔහු රත්නායක මාමාගේ කාර්්‍යාලයට ගියේය.දෙයියෝ බැළුවා සේ එදිනට කිරීමට රාජකාරි රැසක් තිබූ හෙයින් ඔහු කාර්්‍යාලයට වී බරසාරෙට වැඩය.
ඒත් ඊලඟ දිනයේ සිට ඔහු යලිත් සිය අපූරු අදහසේ මහිමයෙන් රාජකාරි දිනවලද විවේක සුව වින්දේය.බැරිම තැන ගම්වැසියන් යලිත් පැමිණිලි කරන්නට ගියේය.

“හොඳයි මම ආපහු දවසක ඇවිත් බලන්නම්.“ කියා පිරිස පිටත් කර හැරි පරිපාලන නිලධාරියා වෙනත් දිනයක ග්‍රාමසේවක කාර්්‍යාලයට ගියේය...එදා රත්නායක මාමා ඉක්මණට ගෙදර ගිය දවසකි...නිලධාරියා ඉදිරිපසින් ගොස් බලද්දි දොර වහලාය.කාර්යාලයේ පැත්තකට ගිය නිලධාරියා දුටුවේ රත්නායක මාමා වැසිකිලි දොරේ පිටතට පෙනෙන්නට වනා ගිය වේට්ටියය.ගම්වාසින් රත්නායක මාමාගේ වේට්ටි සෙල්ලම දන්නේ නැත.රත්නායක මාමා වැසිකිලියේ ඇතැයි සිතූ නිලධාරියා හදිසි ගමනක්ද යාමට තිබූ හෙයින් කතා නොකරම ආපසු යන්නට ගියේය.

ඊලඟ දවසක පරිපාලන නිලධාරියා හමුවන්නට ගිය ගම්මුන්ට ලැබුනේ මෙවැනි පිළිතුරකි.

“ඇයි අයිසේ මෙහෙම බොරු පැමිණිලි කරන්නේ.?මම මේ පාර යනකොටත් ඒ මනුස්සයා යස අපූරුවට Office එකේ හිටියේ.වැසිකිලියට ගිහින් හිටපු නිසා මම කතානොකර ආවේ.“

එදායින් පසු ගම්මුන් යලි පැමිණිලි කරන්නට ගිය වගක්වත්,රත්නායක මාමා කොතෙක් කලක් වේට්ටි සෙල්ලම කලාද යන්නවත් මා නම් දන්නේ නැත...

                           
                                ---- රත්නායක මාමාගේ තවත් කතා ඉදිරියට...----

Friday, October 25, 2013

E-mail address එකක් තිබුනනම් මම තාම Toilet හෝදනවා...

වාරයේ පොල් වැටෙන්නාක් වගේ යන MS Office course එකට ගිය සතියේ ගොඩවැදුනේ සති දෙක තුනකට පසුවය...මේ සතියේ තියෙන්නට තිබුනේ Access ගැන උනත් සර් උගන්නන්නට ගත්තේ Internet & E-mail ගැනය...මේ පාඩම ඉවර වී සර් කිව්ව කතාවක්ය...ඔහු කියපු හැටියට නම් මේක ඇත්තම කතාවක්ය...

ඔන්න එක කාලයක Microsoft එකේ job එකකට interview එකක් තිබ්බළු.job එක තමයි සමාගමේ “සනීපාරක්ෂක කම්කරු“,එහෙම නැත්නම් Toilet පිරිසිදු කරන එකළු...ඉතිං මේකට අයදුම් කරපු අයගෙන් “මැතිව්“ කියලා රස්සාවක්නැතිව වේලි වේලි හිටිය හාදයෙකුත් මේ පරීක්ෂණයෙන් සමත් උනා.
ඉතිං interview board එකෙන් මැතිව්ට කතා කරලා මෙහෙම කිව්වළු...

“බොහොම සතුටුයි...ඔයා රැකියාවට තෝර ගත්තා...අපේ ප්‍රතිපත්තියක් තියෙනවා පත්වීම් ලිපිය අතට නොදී E-mail කරලා එවන.ඒ හින්දා අපිට ඔබතුමාගේ e-mail address එක දෙන්න...“

කරුමේ කියන්නේ මේ හාදයා ගාව e-mail address එකක් තිබ්බේ නැහැළු...ඉතිං මූ ඒක කිව්වා විතරයි රස්සාවත් නොදී ආපහු එව්වළු...

ඉතිං මැතිව් Microsoft එකෙන් එලියට ඇවිත් යන කොට දැක්කළු පාරේ ස්ට්‍රෝව්බෙරි විකුනන තැනක්...ඉතිං මූත් එතනට ගිහින් ස්ට්‍රෝව්බෙරි ටිකක් අරගෙන යනකොට මැතිව් ට හිතුනළු ඒ ටික විකුණන්න...කොහොම හරි ගෙදරට යනකොට ලාභයකුත් තියාගෙන ස්ට්‍රෝව්බෙරි ටික විකුණන්න මේ හාදයට පුළුවන් උනා...ඉතිං මේකා කල්පනා කරාළු මේ වැඩේ ටික දවසක් කරලා බලන්න ඕනි කියලා...,පහුවදා ඉඳන් ස්ට්‍රෝව්බෙරි විකුණන්න පටන් ගත්තළු.

ඔන්න ඉතිං කාලයක් ගියාළු...ඔය අතරෙදි මහන්සිවෙලා වෙලඳාම දියුණු කරගත්තු මැතිව් පලතුරු ආනයනය හා අපනයනය කරන සමාගමක අයිතිකාරයෙක් උනා...ඉතිං දවසක් මැතිව් ට ඕනි උනා මේ ආයතනය රක්ෂණය කරගන්න...ඉතිං මේක ගැන රක්ෂණ සමාගමකට දැනුම් දුන්නාම දවසක් රක්ෂණ නියෝජිතයෙක් ඇවිත් මැතිව්ව හමුඋනා.

“සර්ගේ වැඩේ ඔක්කොම හරි...ඉතුරු වෙලා තියෙන්නේ ඒකේ විස්තර සර්ට දෙන එක විතරයි.මට ඔබතුමාගේ e-mail address එක දෙන්න...මම ඒකට එවන්නම්.“

කියලා රක්ෂණ නියෝජිතයා කිව්වම මැතිව් මෙහෙම කිව්වා.

“මට තාම e-mail address එකක් නෑ.“

රක්ෂණ නියෝජිතයට පුදුමයිළු මෙච්චර ලොකු ව්‍යාපාරිකයෙක් ලඟ e-mail address එකක් නෑ කිව්වම.ඉතිං ඔහු කිව්වළු,

“සර් e-mail address එකක් නැතුව මේ වගේ තැනක ඉන්නවනම් e-mail address එකක්තිබුනනම් අද කොතනක ඉඳීද..?“

කියලා.මේක අහපු මැතිව් කට කොනකින් හිනාවෙලා මෙහෙම කිව්වළු.

“e-mail address එකක්තිබුනනම් මම මේ වෙලාවෙත් Microsoft එකේ Toilet හෝදනවා.“

  +++                  +++                    +++                    +++                  +++              +++             +++

මේක කිව්ව සර් මේකෙන් ලමයින්ට පැහැදිලි කලේ e-mail address එකක් තියෙන එක ඒ තරම් දෙයක් නොවෙන බව...
ඒත් මට හිතුනු දේ නම් හැමදෙයක්ම වෙන්නේ හොඳට හා දෙයක් අහිමි වීමෙදි ඊටත් වඩා හොඳ දෙයක් ලැබෙන්න ඉඩ තියෙනවා කියන එක...කියවන අයට නම් කොහොම හිතෙයිද දන්නෑ...


Wednesday, October 16, 2013

මතක මංසල...



අතීතයේ ඉස්සරම දවසක

අහම්බෙන් මුණගැහුන...

නෙතින් නෙත යාවෙලා

ආදරෙන් සිත් බැඳුන...

මල් පිපුණු තුරු සෙවණ

එදා වගෙ ඇත තවම...
නුඹ නැතත් මම නැතත්
ඉතිං එහි පෙර ලෙසට...

All rights resrved.Registerd@2013/10/16

Thursday, October 10, 2013

සදාදරණීය ‍"චේ"... - Dear "Che"...

http://25.media.tumblr.com/tumblr_lzvf4o2PEE1qeu6ilo1_400.jpg" ඔබ සැබෑ මිනිසෙකුනම්,ඔබ අසල සිටින්නාට කිසිවෙකු හෝ එල්ල කරන අතුල් පහරේ කම්පනය ඔබටද දැනිය යුතුය."
             - චේ -



දේශසීමා,ජාති,කුලගොත් නොසලකා සමස්ත මානව වර්ගයාට මෙන්ම,මනුශ්‍යත්වයටද අපමණ ආදරය කල අර්නස්ටෝ චේ ගුවෙරා හෙවත් “චේ“ නැමැති ඒ සොඳුරු මිනිසා ඝාතනය කර අද දිනට (09) වසර 46 ක් සපිරේ.හිතුවක්කාරයෙකුගේ සටහන්හි අද ලියවෙන්නේ ඒ සොඳුරු මිනිසා පිළිබඳ තබන සටහනකි...
 
චේ කියන නම මට අහන්න ලැබෙන්නේ මම පුංචි කාලෙදි උනත් චේ ගැන මට කියවන්න ලැබෙන්නේ ඊට කාලෙකට පස්සේ ලංකාදීප දියත ආරම්බයේදී පලවූ “නොදන්නා මිනිසුන් වෙනුවෙන් ජීවිතය පූජා කල දොස්තර මහත්තයා“ තියන ලිපි පෙල හරහා...මිනිසෙකුට එවන් කැප කිරීම් කරන්න පුළුවන්ද කියලා වෙලාවකට පුදුම හිතුනා වගේම එදා ඉඳන් අද වෙනකම් ඔහුට සමකල හැකි විප්ලවවාදියෙකු,දේශපාලකයෙකු,මානව හිතවාදියෙකු හමුනොවූ බව නොරහසක්...

මිනිසුන් තලාපෙලා පාගා දමන දුෂ්ඨ පාලන ක්‍රමයක් වෙනුවට මිනිසුන්ට ආදරය කරන,ඔවුන් රකින පාලන ක්‍රමයක් බිහිකිරීම සිය දර්ශනය හා අරමුණ කරගත් චේ ගේ ප්‍රතිරූපය ඔහු ඝාතනය කර 46 වසරක් ගත උනත් නොනැසී පැවතීම තුලින්ම මේ සොඳුරු විප්ලවවාදියාට මිනිසුන් කොතරම් ආදරය කරනවාද යන්න සිතාගත හැක.ලොව කවර හෝ කොදෙව්වක ජීවිත් වන දුක්විඳින මිනිසුන් වෙනුවෙන් නැගී සිටීමට ඔහු දෙවරක් සිතුවේ නැත.ආර්ජන්ටිනාවේදී උපත ලද ඔහු කියුබානු විප්ලවයට උරදී ජයග්‍රහණය කරා මෙහෙයන්නේද,අවසන බොලිවියානු විප්ලවය මෙහෙයවමින් ජීවිතය පූජා කරන්නේද ඒ නිසාමය.කුඩා කල පවා මිතුරන් අතරදී කිසිවෙකු අසාධාරණයට ලක් වී නම් ඒ වෙනුවෙන් පෙනී ඔහු නොපැකිලව ඉදිරිපත් විය.සමහර අවස්ථාවල තමා අසාධාරණ ලෙසද දුර්වලයාගේ පස ගත් බව පසුකාලීනව ඒ අතීතය සිහිපත් කරමින් චේ පවසා තිබුනි...
http://upload.wikimedia.org/wikipedia/commons/a/a1/Che_Guevara_-_Familia.jpg
චේට සමකාලීනව රුසියාවේ වී.අයි.ලෙනින් වැන්නන් බිහිවුවද ඔවුන් සියල්ල චේ අභියස දෙවන තැනට වැටෙන මා දකින කරුණ නම් චේ සතුවූ දේශ සීමා රහිතවූ මිනිසුන් කෙරෙහි වූ ආදරයමය...ලෙනින් කැප උනේ රුසියන් ජනයා වෙනුවෙන් හා රාජ්‍ය බලය වෙනුවෙනි.වියට්නාමයේදී හෝ චී මිං නැමැති සිරුරින් කුඩාවූ දැවැන්ත මිනිසා නැගී සිටියේ වියට්නාම් ජනයා වෙනුවෙනි.නමුදු චේ නම් වූ විප්ලවවාදියා කියුබානු විප්ලවය මෙහෙයවූයේ තමාට කිසිදු සම්බන්ධයක් නොමැති රටක ජනතාව වෙනුවෙනි.එයින් පසු සිය ආදරණීය සටන් සඟයා වූ කැස්ත්‍රෝ ගෙන් ලද පදවි තානාන්තර සියල්ල අතහැර දිලිඳුකමින් හා රුදුරු පාලකයන්ගෙන් පීඩාවට පත්වූ ජනයා බහුතරයක් වාසය කල අප්‍රිකානු මහද්වීපය කරා පිටත්ව ගොස් අවසනදී බොලිවියානු විප්ලවයේදි මිය යන්නේද කිසි දිනක නොදන්නා මිනිසුන් වෙනුවෙනි...ඒ අතින් ගත්කල චේ තරම් මිනිසාට හා මනුෂ්‍යත්වයට ආදරය කල විප්ලවවාදියෙක් අතීතයෙන් හමුනොවෙන්නා සේම,අනාගතයේදී බිහිවේද යන්න සැක සහිතය...

http://www.rnw.nl/data/files/imagecache/must_carry/images/lead/article/2013/05/el_che_leyendo_la_nacion_650_0.jpg

චේ මියගොස් 46 වසරක් ගතවූ නමුත්,ජීවත්ව සිටි චේ ටත් වඩා මියගිය චේ වඩාත් ප්‍රබලව වර්තමානයේදි සමාජගතව සිටී.39 වසරක් වූ කෙටි කාලයකින් යුතුවූ ඔහුගේ ජීවිතය,සියවසක් ජීවත්වූවෙකුට වඩා අර්ථ සම්පන්න හා අත්දැකීම් වලින් යුතු එකක් විය...එයින් සමාජයට ගත හැකි දේ බොහෝ වී නමුදු එය එසේ වනවාදැයි යන්න සැක සහිතය.සිය දේශපාලන අරමුණු උදෙසා චේ ගේ රුව පෙරට දමමින් හැසිරෙන බොහෝ කාඩ්බෝඩ් වීරයන් සිය පටු අරමුණු වෙනුවෙන් ඔහුව නැවත නැවතත් ඝාතනය කරති.නූතන පරම්පරාවේ බොහෝදෙනා චේ ගේ වීරත්වය කෙරෙහි ආකර්ශණය වුවද, ඔහුගේ ගතිගුණ,අරමුණු හා ඔහු දකින්නට පැතූ ලොව පිලිබඳ නිසි කියවීමක් කර ඇතිදැයි ගැටළුවකි.එබැවින් විය යුතුව ඇත්තේ හදවතින් නොව බුද්ධියෙන් චේ ව කියවීමයි...

 චේ ගේ මුළු ජීවිතය සම විෂය ප්‍රදේශයකදීම පරමාදර්ශී විය.
එසේම ඔහු අසීමාන්තික ලෙස ආධ්‍යාත්මික බැවින් අවංක ස්වකීය
ප්‍රතිපත්ති මත අචලව හුන්,
අනාගතය දෙස විචාරශීලීව බැලු,
අනාගත මානවය දෙස දයාර්ධ හැදින් බැලු,
මානව සංහතියේ අනාගතය දෙස  බැලු,
සියල්ලටම ඉහලින් මනුෂ්‍ය සහ සදාචාරාත්මක වටිනාකම් අගැයු මිනිසෙකු වුවෙහිය.
මේ සියල්ල පරයමින් ඔහු ආත්ම විරහිත බවෙහි,
මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් තමා සතු සියලු දෑ කැපකෙරු
උතුම් මිනිසෙකුගේ සහ ආත්ම පරිත්‍යාගයෙහි ප්‍රතිමුර්තියක් වුවෙහිය.

මේ වනාහි මා දන සිටි ආත්ම  විරහිතභාවයෙන් අගතැන්පත්
සුවිශේෂී  එමේන්ම උතුම් මිනිසුන් අතලොස්ස අතරින් කෙනෙකි.

චේ ආදරණීය සටන් සඟයා වූ කියුබාවේ සදාදරණීය නායක ෆිදෙල් කැස්ත්‍රෝ ඔහු පිළිබඳව නිර්වචනය කලේ එලෙසින්ය.
 
 http://i3.mirror.co.uk/incoming/article1324482.ece/ALTERNATES/s615/Che%20Guevara-1324482

ආදරණීය චේ...
මේ නූඹ වැනි සැබෑ මිනිසුන් යලි යලිත් මිහිමත බිහිවිය යුතු යුගයයි...

 http://www.luzdelevante.com/wp-content/uploads/2013/07/Che-Guevara.jpg

පසු සටහන -
              චේ පිලිබඳව තැබූ මේ සටහන හරි නම් තබන්නට තිබුනේ ඊයේ දිනයේය.ලොවම දන්නා ඒ සොඳුරු මිනිසා පිළිබඳ එකම දේ නැවත නැවත ලියා ‍සටහන දීර්ඝ කිරීමට අවැසි නැත.චේ පිළිබඳ වැඩි දුර තොරතුරු පහත සබැඳි මගින් කියවිය හැක.

01.http://si.wikipedia.org 
02.http://chayawasa.blogspot.com 
03.http://asidisimaanaya.blogspot.com 

Sunday, September 29, 2013

වෙනස - The Change

කාලය වේගයෙන් ගමනක යනවා.ඒ වගේම ලෝකය දවසින් දවස වෙනස් වෙනවා...වෙනස් වෙන ලෝකෙත් එක්ක වෙනස් වෙන මිනිස්සු දුවන්නන් වාලේ ඔහේ දුවනවා...


එදා - ඔයා,ලොකු හෙවන තියෙන ගහක් යටට ගිහින් නැවුම් ඔක්සිජන් ටිකක් උරාගන්න කැමති මෝඩයෙක්ද?

අද - www සයිබර් අවකාශයේ සැරිසරලා ලොවෙත් නැති දේවල් හොයාගන්න වැඩකාරයෙක්ද?

එදා - පපුකුහර තුලින් ගලා එන ආත්මීය පැතුමක් ලා රෝස පාට හසුන්පත් කරන්න ලියලා සෙන්ටි බෝතලේම හලලා කාගෙහරි අතේ අරිනවයි කියන නොන්ජලයෙක්ද?

අද - රචනාවක් වචනයෙන් දෙකෙන් ඉවර කරන්න පුලුවන් sms වල පීනන පොරක්ද?

එදා - සුන්දරයි කියල ආදරණිය වචන දෙක තුනක් කියලා සෙනෙහෙබර ආදරණිය මානුෂිය හිතක් මවාලිය හැකි නිකමෙක්ද?

අද - පණිවිඩ දිගට හරහට යවලා අනිත් අයව හිරිවට්ටන්න පුළුවන් පොරක්ද?

එදා - නංගිලා මල්ලිලා එක්ක වෙල් එලි වල දදුවලා පැනලා චුට්ටක් පාඩම් කරලා ගොඩක් සෙල්ලම් කරන්න කැමති මෝඩයෙක්ද?

අද - district rank ගහන්න කියලා හිතන් විනෝදය අමතක කරලා රෑ නිදිවරාගෙන පොත් අස්සෙම හැංගෙන bright case එකක්ද?

එදා - හද එළියේ රෑට සුළගේ එතිලා එන ගැටපිච්ච මල්වල සුවද විදලා පරිසරය නල මුදු හඩට කන්දෙන මට්ටේක්ද?

අද - උදේට ඉස්කෝලේ හවසට ගිහින් ගෙදර ඇවිත් මහන්සියට නිදියල කොර වෙන dram man
කෙනෙක්ද?

එදා - කෑම මෙසේ වාඩිවෙලා අම්මලා තාත්තලා එක්ක කෑම කන සිරිමලෙක්ද?

අද - 80 ගණන්වල ආපු රිමෝට් එක අතේ තියන් දුර ඉදල පුරුවක හාන්සිවෙලා ලොකු රූප පෙට්ටිය maintain කරන නළු බට්ටේක්ද?

එදා - වගේ නෙවේ අද වගේ හදවතට රුදිරය සපයන කිරීටක ධමනිය හිර උනත් බයිපාස් කරලා මාංශමය හර්ද වස්තුව ජිවත් කරන්න පුළුවන්.නමුත් එදා වගේ අත්තම්මගේ හදවතේ පීඩනය මනින්න තාම කවුරුත් ඉගනගෙන නෑ...

මේක අහන්නකෝ,ඔයා ලෝකේ හැරෙන හැරෙන පැත්තට හැරෙන විලාසිතාවලට නැවෙන, එපා උනාම ජිවිතේ අහක දාන ආඩම්බරකාරයෙක්ද?
නැත්තම් ජිවිතේ ගැන නිස්කලන්කව හිතල හදවතට ආත්මීය හැගීමක් සපයන නාලය අවහිර උනාමත් ජිවත් වෙන්නම හිතෙන අහිංසකයෙක්ද? 


(උපුටා ගැනීම - "ලංකාදීප රසවිත" - එම්.ශෂිකා නිලක්ෂි ප්‍රනාන්දුගේ ලිපිය ඇසුරින්)



ඉතිං...මේ දුවන්නන් වාලේ දිවීමේ අරමුණ කුමක්ද..?සත්තකටම මේ හිතන්නට කාලයයි....





පසු සටහන -

 

    කාලෙකට පස්සේ බ්ලොග් එකට ගොඩවැදුනේ...මෙහෙම නොලියා හිටියොත් අනිවා සින්ඩි වලින් බ්ලොග් එක එලවලා තියෙයි...ඊයේ රෑ බුකියට ගොඩවැදිලා ඉද්දි අහම්බෙන් වගේ දැක්ක මේ සටහන දාලා තිබුනේ "සෑම් ෆිෂර්"...වෙනසක් හා ගොඩක් වැදගත් කියලා හිතුන හින්දා බ්ලොග් එකට හිතු‍නා...

Friday, June 14, 2013

ආදරණීය ගෝර්කි... Dear ' Maxim Gorky '...

කාලය කොච්චර නම් දුර ගිහින් ද.?ඒත් නුඹ...තවමත් එදා වගේමයි.හැබෑ ලෝකයේදී නොවුනත් මිනිස්සුන්ගේ හිත් ඇතුලේ ජීවත් වෙන නුඹ මීට වසර 77 කට උඩදී උන්න විදියටම ජීවත් වෙනවා.
එකාතකට පුදුම වෙන්න දෙයකුත් නෑ.මොකද නුඹ හැමදාම වෙහෙසුනේ,අකුරු කලේ පීඩිත පන්තියේ මිනිස්සු ගැන...එහෙම නැතිව පාලකයන්ට ප්‍රශස්ති ගායනා කරමින් වන්දි භට්ටකම් කලානම් කවමදාකවත් නුඹ මිනිස්සුනගේ හිතේ මෙතරම් කාලයක් ජීවත් වෙන්නේ නෑ.ඒක සහතිකයි.
නුඹට කවමදාවත් සුන්දර ලමාවියක් නොතිබුනත් නුඹ ඒවා ගැන අකුරු කලේ,අනාගත පරම්පරාවක කිසිවෙකුට එහෙම ලමාවියක් නොතිබෙන තැනට වැඩකරන්න...ලමා වියෙන් පස්සේ වින්ද කටුක දුක් කම්කටොළු ගැන නුඹ අකුරු කලා.ඒ දුක් විඳින පීඩිත පන්තියට සවියක් වෙන්න...ඔවුන් ගැන ලෝකයාගේ ඇස් අරවන්න.එහෙම බලද්දි නුඹ ලියපු හැම අකුරක් ගානෙම තියෙන්නේ නුඹේ ජීවිතේ කතාව වෙන්නැති.

      ජීවිතේ අනාගතය වෙනුවෙන් අපමණක් දුක් විඳින හැම දෙනාටම,ජීවිතේ ගොඩනගාගන්න නුඹේ ජීවිත කතාව සරසවියක් වගේ දැනුම දෙනවා.ඒත්...වර්තමානයේ නුඹව වත්මන් පරම්පරා අතරින් ගිලිහිලා ගිහින්දෝ කියලා වෙලාවකට සැක හිතෙනවා.ඒක එහෙම නම් එහෙම වෙන්නේ ඔවුන්ගේ අවාසනාවට වෙන්න ඇති...

 නුඹ අකුරු කල,නුඹ විශ්වාස කල සත්‍යය පාලකයන්ට තර්ජනයක් උනා.ඒ හින්දම නුඹට සිරගත වෙන්න වගේම සෝවියට් දේශයෙන්ද කාලයකට ඈත්වී ඉන්නට උනා.ඒත් නුඹව සිරගත කල කිසිවෙකුට නුඹේ සිතුවිලි නම් සිරගත කරන්නට බැරි උනා.සිර දඬුවම් විඳ එලියට ආපු නුඹ සුපුරුදු විදියටම පීඩිත පන්තිය වෙනුවෙන් අකුරු කලා.වර්ථමානයේ නම්බුනාම,රුපියල් සත වලට තමන්ගේ ප්‍රතිපත්ති හා විශ්වසයන් පාලකයන් ලඟ පාවා දෙන අපේ ඇතැම් උදවියට නුඹ දුන්නේ මහා ආදර්ශයක්...


"...මිනිසා එකිනෙකාට ගරු කරන දවස එළඹෙයි..එදාට සෑම මිනිසෙකුම තරු මෙන් දිලිසෙන බව මම දනිමි..සිය නිදහස පෙරටු කොට,විවෘත හදවත් ඇතිව,කෝපයෙන් තොරව,පිරිසිදු හදවත් ඇතිව මිනිසුන් ගමන් කරනු ඇත.
  එදාට මිනිස් ජීවිතය මිනිසාට සේවය කරණු ඇත..ඔහුගේ ප්‍රතිමූර්තිය උසස් වනු ඇත..නිදහස් මිනිසාට සෑම ජයක්ම ලබාගත හැකිය.   
එදාට මිනිසුන් නිදහසේ සත්‍ය ගරු කරමින් ජීවත් වනු ඇත..ලෝකය සිතින් බදාගෙන,එයට වඩාත් ගැඹුරු ලෙස ආදරය කරන අය ඉතාම හොඳ මිනිසුන් හැටියට ගණන් ගනු ඇත..ඉතාම හොඳ මිනිස්සු නිදහස්කාමීන් වනු ඇත..ඔවුහු ඉතාම සුන්දර අය වෙති..එවැනි ජීවිතයකට පා තබන අය ශ්‍රේෂ්ඨ වනු ඇත..."

              (‍අම්මා-ගෝර්කි / උපුටා ගැනීම - 'අකුරු කල සිතුවිලි' බ්ලොග් අඩවිය)

       නුඹ එසේ අකුරු කලේ නුඹ දකින්නට පැතූ,නුඹ යහපත් යැයි විශ්වාස කල ලෝකය හා සමාජය ගැනය.එනමුදු...නුඹ පැතූ එවන් සුන්දර ලෝකය කොහේ කොතැනක තැනේවිද.?මනුස්සකම් තුට්ටු දෙකට ඈවර කරන ලෝකයක එවන් වූ ලොවක් තැනෙන්නට ඉඩ කඩක් තියේවිද.? එය ප්‍රශ්නාර්ථයකි.විශ්වාස කරන එක් දෙයක් ඇත..ඒ නුඹ වැනි සැබෑ මිනිසුන් යලිත් මිහිමත බිහිවිය යුතු කාලය එළඹ ඇති බවය..
.

ආදරණීය ගෝර්කි...මනුෂ්‍යත්වය අගයන මිනිසුන්ගේ සිත් තුල නුඹ මතු මතුත් ජීවමානව හිඳිනු ඇත...මිනිසුන් සැබෑවටම මිනිස්කමේ අරුත හඳුනා ගත් දිතක,නුඹ පැතූ ලෝකය බිහිවනු ඇත...



පසු සටහන -

ලෝක සාහිත්‍යයේ සුවිශේෂි පරිච්ඡේදයක් සටහන් කල ලෝක පූජිත ගත්කරු 'මැක්සිම් ගෝර්කි' ලොවෙන් සමුගෙන ඊයේ දිනට (ජූනි 14) වසර 77 ක් පිරුණි.ගෝර්කිගේ ජීවිත කතාව බොහෝ තැන්වල ලියැවී ඇති නිසා නැවත නැවත ඒ පිළිබඳ ලියන්නට සිතුවේ නැත.ගෝර්කිගේ ජීවිත කතාව පිළිබඳ වැඩිදුර විස්තර පහත සබැඳි ලිපි මගින් කියවිය හැක...

                            http://si.wikipedia.org
                            http://www.danuma.lk
                            http://www.divaina.com

Popular Posts

Total Pageviews

Powered by Blogger.

Followers

සුළඟ වගේ...... හිටියත් නෑ වගේ...නැතත් හිටිය වගේ....

My Blog List