ඇය තරම් විවාදයට පාත්රවූ කෙනෙකු සොයාගන්නට හැකිවේද යන්න සැක සහිතය.ඇය වෙනුවෙන් නිර්වචන සපයන්නටද පිරිමි පාර්ශවය කිසිම දිනක මැලිවීද නැත.අද අහම්බෙන් වගේ නෙත ගැටුනු මේ නිර්වචන කිහිපයත් එවැනිම අපූරු නිර්වචන කිහිපයක්.උපුටා ගත්තේ 1991 අගෝස්තු මුතුහර කලාපයෙන්.
ඒ කියන්නේ මම යන්තම් පෙරලෙන වයසේ ඉන්න කාලේ බිරිඳ ගැන ඉදිරිපත් වෙලා තියෙන අදහස්.හැබැයි මේ හැම අදහසක්ම වගේ අදටත් අදාලයි කියලයි මට නම් හිතෙන්නේ.
01.බිරිඳ යනු ඔබ පවසන දේ ඇසීමට සූදානම් නැතත්,
“ඇයි ඔයා මොකුත් නොකියන්නේ..? “ යැයි නිතර අසන තැනැත්තියයි.
02.බිරිඳ යනු එකම හේතුවකට ඇඬීමට මෙන්ම,සිනාසීමට හැකි තැනැත්තියයි.සමහරවිට ඔබ තුල පුදුමය ඇති
කරමින් ඇය එකම වේලාවේ මේ ක්රියාවන් දෙකම සිදුකරයි.
03.ක්රීඩාවට කැමැත්තක් නොදැක්වූවත් හැම විටම ජයග්රහණය කරන තැනැත්තියයි.
04.පිලිවෙලකට ඔබේ පවුල සකසන්නී බිරිඳයි.
05.බිරිඳ යනු ඔබ තෝරන සෑම දෙයකටම අකමැත්ත පලකරන තැනැත්තියයි.
06.ඔබේ යම් ක්රියාවකට උදව් දීමෙන් පසුව,එම ක්රියාව සම්පූර්ණයෙන් කලේ තමා යැයි උදම් අනන්නේ
බිරිඳයි.
07.ඔබේ මිතුරන් සියළු දෙනාගේම මාතෘකාවයි.
08.“මෙතැනින් යනවා යන්න.“ යැයි පවසතත්,යටි සිතින්
“ අනේ මාව තුරුල් කරගන්න.“ යැයි කියන තැනැත්තියයි.
09.ඔබේ සිහින තුල ස්වර්ණමය වැලිතලා,සිහිළැල් දිය ඇළි, මද උණුසුම් කඳුවැටි හා සුළං රැළි සිතුවම්
කරන්නී බිරිඳයි.
10.ඔබට මෙන්ම ඔබගේ දරුවන්ටද මවක වන තැනැත්තියයි.
ඔන්න ඔහොම තමයි ඒ කට්ටියනම් කියලා තිබුනේ.අත්දැකීම් තියන අයට වෙනත් නිර්වචන තියේනම් ඒවත් මෙතන comment එකක් විදියට කොටලා ගියාට තරහක් නැහැ.නොදන්න අයටත් දැනගන්න.
හොද අදහස් ටික.බෙදාගත්තට තුති
ReplyDeleteස්තූතියි...
Deleteහප්පේ.. පරණ මුතුහර.... කියවන්න ඇබ්බැහි වීමේ පළමු අදියර... හි හි..
ReplyDeleteමාත් කියවන්න පටන් ගත්තු කාලෙම වගේ ඉඳන් අද වෙනකම් මුතුහර ක් ලැබුනොත් අනිවා කියවනවා...
Deleteහොද බිරිදක් වෙන්න උපරිම උත්සහ ගන්නව ,අදහස් වලට ස්තුති :)
ReplyDeleteඋත්සහයට සුභ පැතුම් වගේම සාර්ථක වෙන්න කියලා wish කරනවා...
Deleteමමත් ඒ ප්රාර්තනාවට එකතු වෙනවා.
Deleteඅපේ අක්කට හොඳ බිරින්දෑ කෙනෙක් වෙන්ඩ ලැබේවා !!!
තාම බිරිඳ නොවුනට මොකෝ ඔය කියපුවා නම් දැන්මම ඉදන්ම හොදට අත්විදිනවා.. ඒ ගැන කියන්න දෙයක් නෑ..
ReplyDelete"ජීවිතේ සුන්දරද මෙතරම්..." කියලා මතක් වෙනවා ඇති ඒ වෙලාවට... :D
Deleteපට්ට පට පට...
ReplyDelete:D හි..හි..
Deleteමරු අදහස් ටික. ඕවා අමතක වෙලා නෙව තිබුනේ
ReplyDeleteදැන් මතක් උනා නොවැ... :D
Deleteඅදහස් ටික වටිනවා.
ReplyDeleteතැන්කූ...තැන්කූ... :D
Deleteඇයද තවත් එක් ගැහැනියක් පමණයි. විශේෂත්වය වන්නේ සහතිකයකින් ලියා දී තිබිමයි.
ReplyDeleteහෑ..........ඔයාට කෝන්තරයක් තියේද මංදා...
Deleteග ර් ර් ර්
අපූරු අදහසක්නේ...
Deleteඇත්ත හැබැයි කරුණු ටික නම්...හික්ස්
ReplyDeleteහ්ම්..හ්ම්...
Deleteඋවමනා, එපාකම් නොසලකා 'මාල ගිරවා' රන් කූඩුවේ දමා ඇති කරන හිමිකාරිය බිරිඳ වන්නාය.
ReplyDeleteCasino Rewards Code for United States - JtmHub
ReplyDeleteFor more 목포 출장마사지 information visit Casino Rewards.com. Terms and conditions of the 영천 출장안마 casino reward. 김해 출장마사지 All bonuses are valid for players only 진주 출장마사지 Rating: 4 · Review by JT Hub 경산 출장마사지