ඉතිං කොහොමෙන් හරි ඇවිත් බලද්දි මුකුත්ම නොලියා උනුනු කාලෙදිත් කට්ටිය ඇවිල්ලා ගිහින් තියෙනවා.ඒක ගැන නම් සතුටුයි...
පහුගිය ගෙවුනු හීනයක් වගේ මාස ටිකේදි ජීවිතේට ගොඩක් අරමුණු, හීන එකතු උනත් ටික ටික බොඳවෙලා යනවා කියලා දැනුනු හීන ඊයේ දවසෙදි කුඩුපට්ටම් වෙලා ගියේ ජීවත් වෙන්න අළුත් අරමුණක් හොයාගන්න ඉඩ ඇරලා...ඊයේ දවසෙදි අවුරුදු ගානක් පාවිච්චි කරපු sim එකත් මාරු කරලා, අළුතෙන් sim එකකුත් දාගත්තේ ගොඩක් දේවලින් ඈත් වෙලා ටික කාලෙකට ඉන්න ඕනි කියලා...දැකපු හීන ආපහු දකින්න කියලා හිත සිය දහස් වාරයක් කීවත් ආපහු මට ඒ හීන ඇය ගැන දකින්න බැරිවේවි...සමහර විට යලි දකිවී...
මොකද අනාගතය ගැන අද කියන්න අපි කාටවත් බැරි නිසා...ඇයම කීව විදියට කාලය ගොඩක් දේ වෙනස් කරනවා...අපි බලමු...

කවමදාවත් හිතේ ඇතිවෙන ආදරයක් හංගගෙන ඉන්න එපා. තමන්ට තමන්ගේ ආදරේ විශ්වාස නම් ඒක ඔහුට හෝ ඇයට කියන්න...නැතිනම් ගොඩක් කාලයක්, නැතිනම් සමහරවිට ජීවිත කාලයක් පසුතැවෙන්න වේවි...සමහරවිට ඔහුට හෝ ඇයට ලැබිය හැකිව තිබූ හොඳම ආදරය ඔබේ ආදරය විය හැකියි...
ආදරයක් ඇතිවෙන්නේ වෙලාවල් බලලා නෙමෙයි...සන්නස්ගල සර් කියන නිතරම කියන විදියට ජීවිතෙම ඇක්සිඩන්ට් එකක් නම් ආදරෙත් ඒ වගේ ඇක්සිඩන්ට් එකක්...
වයස, කුලමල, ජාතිය හොයලා නෙමෙයි අපි ආදරය කරන්නේ...
ආදරය ප්‍රකාශ කිරීමේදි ඔබ ඇත්තටම ඇයට ආදරෙයි නම් වයස, නෑදැ පරම්පරාවල් මොනා කියයිද, ගෙදර අය මොනවා හිතාවිද, අහල පහල උන් මොනා හිතාවිද කියන එක ප්‍රශ්නයක් කරගන්න එපා...
කවදහරි ඔහු හෝ ඇය ඔබට අහිමි වෙලා ගියත්, ඈත් වෙලා ගියත් කවදාවත් වෛර කරන්න එපා...
අහිමි උන ආදරේ ප්‍රකාශිත එකක් උනත්..අප්‍රකාශිත එකක් උනත් ඔහුට හෝ ඇයට උදව්වක් අවැසි හැමවෙලාවෙම ඒක කරලා දෙන්න...
කවදමහරි දවසක අපි ආදරය කරන කෙනාට වෙන ආදරයක් තිබුනොත්, ඔබේ ආදරය ඇයට ප්‍රශ්නයක් උනොත් එතනින් ඈත් වෙන්න ආදරය හිතේ තියාගෙන...
විසඳගන්න අමාරු, ජීවිතේම අවුල් කරන ප්‍රශ්නයක් ආපු තැනදි ඔබට කරන්නට කිසිම දෙයක් ඉතුරු වෙලා නැතිනම් පොඩ්ඩක් පැත්තකට වෙලා කාලයට ඉඩ දෙන්න...කාලය ගොඩක් ප්‍රශ්න විසඳනවා වගේම හිතේ තියන ගොඩක් තුවාල හෙමින් සීරුවේ සනීප කරනවා...
ඔබේ ආදරය කවදහරි ඔබට ලැබුනත්, නොලැබුනත් කවදාවත් ඒ කාලෙට වෛර කරන්නවත්, ගෙවුනු කාලය අපරාදෙ කියලා හිතන්නවත් එපා...ගෙවුනු කාලය ආපහු ගන්න බෑ. ඒක ඇත්ත...ඒත් ඒ ආදරය කරපු, කරන කාලෙදි ලැබුනු අත්දැකීම්, වින්ද දේවල් කවදහරි ඔබට ජීවිතේදි වටීවි.
මොනදේ උනත් කවදාවත් ඔබේ හිත ඔබට නැති කරගන්න එපා...හිත නැතිඋනොත් වෙන්නේ මැරෙන්න හිතන එක විතරනේ...හිත අහිමි වෙලා නම් තියෙන්නේ පුළුවන් ඉක්මනට ඒ හිත හොයාගන්න...හිත තුවාල වෙලා...කැඩිලා බිඳිලා සී සීකඩ ගිහින් තිබුනත් ඒ හිත පුළුවන් තරම් පරිස්සමට බලාගන්න...කාලය හෙමින් සීරුවට හිත සුවපත් කරාවි...සමහරවිට අහිමි උන ආදරෙත් කවදමහරි දවසක ඔබට ලැබෙන්නත් පුළුවන්...මොකද ජීවිතේ වෙන්නේ අපි හිතන දේ වත්, ප්‍රාර්ථනා කරන දේමත් නොවෙන නිසා...
ම්ම්ම්ම්ම්....ඕං ඉතින් කිව්වා...මොනාහරි අමතක උනා කියලා නම් මතක් වෙන්නේ නැහැ...කාලෙකින් බ්ලොග් එකක් කියෙව්වෙවත් නැහැ...ලියන්න කියවන්න බලනවා අද ඉඳන්වත් ආපහු...හිත හදගන්න ට්‍රයි කරන ගමන් ප්‍රශ්න විසඳන්න කාලෙට ඉඩ දීලා බලන් ඉන්න එකේ කරන්න කියන්න දේකුත් තියෙන්න එපායැ...අදට ඇති වගේ...ජය වේවා හැමෝටම එහෙනම්...!
//සමහරවිට අහිමි උන ආදරෙත් කවදමහරි දවසක ඔබට ලැබෙන්නත් පුළුවන්//
ReplyDeleteදත් නැතිදා උක්දඩු ගිනි තපින්ඩද
දත් තියෙන කාලෙම හම්බුනොත් ඔහොම කියන්නේ නෑ නෙව...
Deleteඅසුරු සැණින් එක මොහොතකදී
ReplyDeleteකාලය නැවතී යලි ඇරඹී
විශ්වය අලුතින් බිහි වේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා
යෙහෙළියන්ගෙ ඉඟි දිනක සැබෑ වී
ඔබේම කුල ගෙයි පතිනිය වන්නට //
මතු යම් දවසක හැකි වේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා
අසුරු සැණින් එක මොහොතකදී...
සෙනෙහෙ විමානේ කිරුළ දරන දා
සිඟිති තොලක කිරි හිනා දකින්නට //
එක සෙවණකදී හමුවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා
අසුරු සැණින් එක මොහොතකදී...
ගායනය - යමුනා විනෝදනී
ගී පද - කුසුම් පීරිස්
ඒකත් හොඳයි වගේ...
Deleteගෙවිලා ගිය දේවල් ගැන දැන් හිත හිත ඉදලා තියෙන කාලයත් නාස්ති කර ගන්න ඕනද.. මං නම් අහන්නේ එච්චරයි..
ReplyDeleteහ්ම්...එච්චර හිතන්නේ නැහැ දිනේෂ් අයියේ...
Deleteලිය ලිය මචෝ...
ReplyDeleteලියන කං අපි එයි..
නැති වෙද්දි නෑ නෙව
ස්තූතියි සහෝ...
Deleteලියන්න ඔනි කියලා හිතුවට හිතත් එක්ක කොහේ කරන්නද අෆ්ෆා...
හිත හීලෑ නැහැ හරිම මුරණ්ඩුයි...තැන තැන ඇවිදිනවා...
මට මේ ළගදිත් කල්පනා උණා උඹ අපේ කඩේට එනවා කිව්වට ආවේ නෑ කියල පෝන් කාඩ් ගන්න...
ReplyDeleteහේ..හේ...කාඩ් ගන්න ආවේ නැතිවට ඊයේ හවස ඇවිත් Drama ටියුට් වගයක් print කරගෙන ආවේ...හවස 5 ට විතර ඇවිත්...ටියුට් 11ක්...ආපහු ගෙනියන්න එද්දි නම් ඔයා ගෙදර ගිහින්...අක්කට කියලා ටියුට් ටික අරගෙන ආවා...
Deleteදැන් නම් මතක ඇති...
හා එහෙනං එ් උඹද.. අනේ බං කිව්වට තරහ වෙන්න එපා.. උඹ රුපියල් හැටක් අඩුවෙන් දීල ගිහිල්ල තිබුනා.. එයැයි ඔය ගණං දන්න එකක්යැ..
Deleteඅඩෝ දේශකය, උඹ ඊයෙ ඒ කඩේට ගියාද බොල. එහෙනං බොලා වෙන්න ඇති ටියුට් ටික නමල ස්ටේපර් ගහන්න ඇත්තෙ. :P
Deleteහෆොයි...මේ දේශකයයි, ප්‍රසන්න අයියයි මාව මඥ්ඥං කරනවා අෆ්ෆා....
Deleteඅර රු 60 මතක ඇතුව ඉල්ලගන්නකෝ ඈ....
මට ඕවා අමතක වෙනවා...... :P
ආයිත් ආපු වෙලාවක දීලා පලයං බං.. මටත් අමතක වෙනවා.. හැක්..
Deleteආයෙමත් ලියන්න පටන් ගත්ත එකනම් ගොඩක් හොඳයි. හැමදේම හොඳ අතට හැරේවි.
ReplyDeleteම්ම්ම්...එහෙම හිතනවා බස්සි අක්කේ...
Deleteඔන්න විභීෂණ ත් ගොඩ වුනා...
ReplyDeleteකවද කොහොම මොනවා ලිව්වත් මේ විභීෂණ එනවා එව්වා කියවන්න..කමෙන්ට් කරන්න...
ස්තූතියි ගොඩවැදුනට විභීෂණ සහෝ....
DeleteThis comment has been removed by the author.
ReplyDeleteහ්ම්ම් එන්නම්කෝ මමත් ඇවිත් යන්න...
ReplyDelete