
ඔහොම ටික වෙලාවක් ගියේය.වැරදීමකින් remote එක එබී TV එක හිරු එකට මාරු විය.එතකොට ගියේ Ben 10 ය.ඒක දැක්කා විතරය...කොල්ලා මෙහෙම ඇහුවේය....
“අයියේ...පොඩි ලමයින්ට මේක බලන්න හොඳ නැහැ නේද...? “
මට නිකම් මඥ්ඥං වගේ විය.මොකද දන්නා තරමින් Ben 10 කියන්නේ 18+ එකක් කියා කවුරුත් කියා නැත.එ වගේම පොඩි එකා පහුගිය කාලයේ Ben 10 කාටුන් අතනොහැර බැළුවේය.
“අර මොකෝ.? “
“අර සූර වීර බට්ටා එකත් බලන්න හොඳ නැහැල්ලු ලමයින්ට...“
වැඩේ නම් අදහන්නට බැරිය.පොඩි එකෙක් මෙහෙම කියනවා ඇහුවාමය.
“ඈ...කවුද එහෙම කිව්වේ.? “
“ඉස්කෝලෙන්...අයියා දන්නවද ඇයි කියලා.? “
පොඩි එකා යන්නේ මාද කුඩා කල ගිය පාසලටමය.හැබැයි අපිට නම් කවදාවත් කාටූන් බලන්නට එපා කියා නැත.
“ඇයි.? “
“අර සූර වීර බට්ටා එකේ ‘සැන්ඩෝ‘ සර් ඉන්නේ...එයා ප්‍රින්සිපල් නේ...ඒක නිසා එපා කිව්වේ.“
වැඩේ මීටර් උනේ දැන්ය.බට්ටා සැන්ඩෝ සර්ගේ යටිකූට්ටු වැඩ හෙලි කරමින් සැන්ඩෝ සර්ට අම්බානකට නෙලන්නේය.බලන්නට එපා කියා ඇත්තේ ඒ නිසාය.
විදුහලේ ඉන්නේ අළුතෙන් ආ විදුහල්පතිතුමෙකි.විදුහලට පැමිණීමේදි දෙමව්පියන්ගෙන්ද විරෝධතා එල්ලවූ ඔහුට එකාතකට බලන විට “බට්ටා භීතිකාව“ වැළඳීම අරුමයක් නොවන වග මට නිකමට සිතුනි.
පොඩි උන්ට cartoon බලන්නට එපා යැයි කීවේ පාසලේ වැඩද නොකරමින් cartoon බැලීම වැලක්වීමේ අරමුණින් නම් එය ඉතාමත් හොඳය.එහෙම නැතිව ලමයින් හදන්නට සිතා එසේ කීවා නම් එය අතීසාරයට අමුඩය ගැහුවා වගේ වැඩක්ය....මොකද cartoon වලටත් වඩා ලමා මනසට ගෝචරනොවන බොහෝ දේ උන් TV එකෙන් දකින නිසාය.
අනික් අතට බලන විට අයුක්තියක් හෝ අසාධාරණයක් හමුවේ කොන්ද පණ ඇතිව කතා කිරීමට දරුවන් හුරු කල යුත්තේ කුඩා කල සිට බව මට දැනෙන හැඟීමයි.නැතිනම් වත්මන් සමාජය හැසිරෙන විදිය අනුව උන් ලොකු වූ පසු මේ සමාජයේ ජීවත් වීම වඩා අසීරු වනු ඇත...නොමලවුන් මලවුන් සේ නිදිගත් රටක තමන් වෙනුවෙන් සේම අනෙකා වෙනුවෙන්ද අසාධාරණයකදී නැගි සිටිය යුතු බව උන්ට තේරුම් කල යුතුය...
වැඩේ මීටර් උනේ දැන්ය.බට්ටා සැන්ඩෝ සර්ගේ යටිකූට්ටු වැඩ හෙලි කරමින් සැන්ඩෝ සර්ට අම්බානකට නෙලන්නේය.බලන්නට එපා කියා ඇත්තේ ඒ නිසාය.////////////////
ReplyDeleteමෙන්න මේ කාටුන් එක ඇත්තටම වැඩක් නෑ ,හොදට බලන්න එකේ උගන්වන්නෙ ඉස්කොලේ ළමයින්ට තමන් ගේ විදුහල්පතිට එරෙහි වැඩ කරන විදිහ ,ඔබ කියන්නෙ එය හොද අදාර්ශයක් කියලා ද ?????
නැත...ප්‍රචණ්ඩත්වයෙන් එවැනි දේ කිරීමට ලමයින් පෙලඹීම නම් අනුමත කරන්නේ නැත...ඒත් විදුහල්පති වරයෙකුගෙන් හෝ වැරැද්දක් වෙනවා නම් එය පෙන්වා දීම වැරදි කියා මා සිතන්නේ නැත...හැබැයි ඒ සිය වයසට හා තැනට ගැලපෙන පිළිවෙලකටය...
Deleteමොකද හොඳ ගුරුවරුන් මැද උනත් මෙලෝ සුදුසුකමක් නැතිව ඒ තැන්වලට පත්වෙලා පාසල් විනාශ කරන පිරිසකුත් ඉන්නවා...
මං ඕක දැකල නෑ..
ReplyDeleteCartoon බලන්නෑ වගේ... :D
Deleteවැඩකරන ජනතාව වෙච්ච අපට කොයින්ද මලේ කාටුන් බලන්ඩ වෙලාවක්... :(
ReplyDeleteමටත් කාටූන් එකක් බලන්න වෙන්නේ අවාරෙට පොල් වගේ අයියේ... :(
Deleteබෙන් 10 වගේද බං අපේ කාලේ ගියපු කාටුන් සෙට් එක..දොස්තර හොදහිත , පිස්සු පුසා ..කොහොමද මැවිල පේනව බං.
ReplyDeleteඑකෙන්ම...පිස්සු පූසා වගේ ඒවට ගහන්න තරම් කාටූන් දැන් කොහෙද.?
Deleteහුදෙක් මෙය බෙන් ටෙන් ට මඩ ව්‍යාපාරයක් ලෙස පෙනුනත් එය මග හැරී ඇත.
ReplyDeleteඅඩෝ බෙනා මම.. මඩ ගහලා අහු වෙන්න එපා.. හොම්බෙන් යවන්නේ හරිය.
ඔරලෝසුවේ බැටරිය නොබහින තාක් බෙන් වීරයාමය..හැබැයි ඊට පස්සේ...?
Deleteඇත්තටම නම මාරු කරගෙන මොකෝ බෙන්.?
බෙං ටැං,ඔය බටු කතා නෙමෙයි ඒ කාලෙ මරුවට තිබ්බෙ.අපි රජ ඉබ්බො,සූර පප්පා වගේ එවුවා.මං පහුගිය දවසක බැලුවා අග්ගලා කාලා ගේම දෙන කාටුං එකක්.නම මොකක්ද කියලා මත්ක් වෙන්නෙ නෑ මේ වෙලාවෙ
ReplyDeleteපට්ටම එක තමා පිස්සු පූසා...
Deleteනිවාඩුවට ලංකාවේ ඉද්දී මාත් චැනල් මාරු කර කර කාටුන් බලපු එක තමයි කලේ.. ඕවා බැළුවා කියලා මොකද්ද බං තියෙන වරද.. මෙහේ පොඩි එවුන්ව කාටුන් බලන්න හුරු කරනවා.. එකෙන් උන්ගේ මනස හැදෙනවා කියලා.. ඒකට ඉතින් අපේ රටේ..
ReplyDeleteආශ්චර්ය.............
Deleteසිරාවටම කියන්නෙ. තව ටික කාලෙකින් කාටුන් බලන වයසෙ ලමයෙක් හිටියට මොකද මාත් තාම වෙලාවක් ලැබුනොත් කාටුන් බලනවා. :-D
ReplyDeleteහී..හී...තාත්තටයි දරුවටයි එකට ඉඳඟෙන කාටූන් බලන්න බැරියැ...
Delete