
මීට මාස දෙකකට විතර කලින් දවසක පුරුදු විදියට ඔන්න වැඩ ඇරිලා ගෙදර එන්න කියලා මාදම්පෙට ආවා.ඔය time එකට මාදම්පෙට හැමදාම එකතු වෙන අපි කිහිප දෙනෙක්ම ඉන්නවා බස් එක එනකම්.එදා අපි ඉන්න වෙලාවට අපි එන බස් එකේ අයිතිකාරයා උන කුමාර අයියත් ආවා එතනට බස් එකට යන්න...
බස් එක එන්නත් ටිකක් වෙලා තියන එකේ රටකජු ගේමු කියලා අපිත් එක්ක උන්නු අක්කා කෙනෙක් යෝජනාවක් දැම්මා...කට්ටියම ඉතිං වැඩේට කැමති එකේ මාත් ගිහින් ඉස්සරහ තිබ්බ කඩෙන් රට කජු පැකට් ටිකක් ගෙනාවා...ටික වෙලාවක් යද්දි කට්ටිය හිටපු තැන්වල රටකජු පොතුත් එකතු වෙලා තිබුනා බිම...
“දැන් ඉතිං ගෙනාව කෙනාටම තමා එකතු කරන්න වෙන්නේ...“
ටික වෙලාවක් ගිහින් අපිත් එක්ක හිටපු අයියා කෙනෙක් කිව්වා.
“ඉතිං මමයැ ඕවත් කෑවේ...“
මාත් විහිළුවෙන්ම කිව්වා.
“මටත් ඔහොම දවසක් මාර වැඩක් උනානේ...“
ඒ කුමාර අයියා...
“දවසක් මම යාළුවෙක් එක්ක Bus එකට කෑලි වගයක් ගන්න කොළඹ ගියා බස් එකේ...තේ බොන්න Bus එක නැවත්තුවම අපි ගිහිල්ලා එද්දි මං ටොෆි වගයක් අරගත්තා.අරුයි මායි ටොෆි 2ක් කාලා කොල දෙක බිමට දාලා එන්න හදද්දි මං දැක්කා පිටිපස්සේ ඉඳන් සුද්දෙක් අපි දිහා බලාගෙන ඉන්නවා...දන්නවද ඊලඟට මේකා මොකද කලේ කියලා...?
අපි ලඟට ඇවිත් මූණ දිහා බලලා හොඳට හිනාවෙලා මේකා අර බිම දාපු ටොෆි කොල 2 අරන් ලඟ තිබුනු කුණුබක්කියකට දාලා ගියා...අපිට පොලව පලාගෙන යන්න හිතුනා මල්ලි...“
කට්ටියම කතාව අහගෙන ඉද්දි Bus එකත් ආවා...එකා දෙන්නා බස් එකට නගිද්දි මම අතේ ඉතුරු වෙලා තිබ්බ රටකජු පොතු ටික එහෙම්මම බෑග් එකේ කවරෙකට ඔබාගෙන bus එකට නැග්ගා...
හැබැයි අදටත් ඔය වගේ ජාති කද්දි මේ කතාව නිතරම මතක් වෙනවා...අපි නොහිතනවා උනත් අපි අතින් නොවෙන්න ඕනි වැරදි කොච්චරනම් වෙනවා ඇද්ද...?එදායින් පස්සේ තැන නොතැන නොබලා ඔය අනම් මනම් බිම දාන එක නතර කලා...
අනිත් කාරණේ තමයි අපේ සිංහල මනුස්සයෙක් අර සුද්දා කරපු වැඩේ කවදාවත් කරයිද කියන එක...ටොෆි කොලේ දාපු එකාට බැන බැන ඉන්නවා මිසක් වෙන දෙයක් කරන්නෑනේ.ඒ අතින් අර සුදු ජාතිකයා නිහඬවම හිත් නොරිදෙන ආකාරයට කියා දුන්නු පාඩම හරිම ශ්‍රේෂ්ඨයි...
මාත් ඔය ගැන ලිව්වා. පොඩි එකා නං කවදාවත් ටොපියක් චොකලට් එකක් කෑවොත් ඒ කොළේ බෑග් එකේ දාන් එන ගානට මං හදල තියෙන්නේ. ඒ නිසා මල්ලිල දෙන්නගේ පොඩි උන්ටත් නෑනල ඒ වැඩේම පුරුදු කරලා.. අපි අපේ රටට ආදරේ වෙන්න ඕන..
ReplyDeleteපොඩි කාලෙම ඒ වගේ දෙයක් පුරුදු කරන එක හොඳයි...මොකද එතකොට කවදහරි දරුවෝ ලොකු වෙච්ච කාලෙක ඊලඟ පරම්පරාවටත් ඒ දේ පුරුදු කරාවි...
Deleteපොඩි කාලෙ ඉස්කෝ ලෙ මුලිංම කියල දුන්න පාඩම...
ReplyDeleteඅදටත් මොනව හරි ඔතල තිබ්බ දෙයක් එක්කො කුණු බක්කියක් ලග තියේනං ඒකට දානව නැත්තං සාක්කුවෙ දාං එනව..
එහෙම නැතුව බිම දාන්නෙ නෑ...
ඇත්තටම එහෙම දාන්න ලැජ්ජ හිතෙනව.
දැන් කාලේ ඉස්කෝලවල ඔය දේවල් කියලා දෙන්නැද්ද කියලා හිතෙනවා වෙලාවකට.දැන් තියෙන අධ්‍යාපන ක්රමයේ ඒවට ඉඩක් තියේද මන්දා...අනික කවුරුවත් කියලා නොදුන්නත් අපි අපිම හරි හිතලා හැදෙන්න පුළුවන්නම් මෙහෙම දේ වෙන එක ගොඩක් අඩුවෙයි...
Deleteඅවවාදයට වඩා ආදර්ශය උතුම් යන පාඩම කියා දීල සුද්දා...
ReplyDeleteඅනිවා...ඒ පාඩම කණට ගැහුවටත් වඩා සැරට හිතට දැනෙනවා අයියේ...
Deleteසිරාවටම සුද්දා මරු ආදර්ශයක් දීලා තියෙන්නෙ.
ReplyDeleteඅනිවා ප්‍රියා අයියේ...
Deleteහොද පාඩම.
ReplyDeleteමට කඩුවෙලදි දවසක් මරු වැඩක් වුණා. කඩුවෙල මහ බස්හෝල්ට් එක හදන්න කලින් ඒ අසසෙ කඩ පේලියෙන් මම කිරි පැකට් එකක් බීලා, පැකට් එක කඩේක ගැටගහල තිබ්බ කුණු බක්කියට දැම්මා. කඩේ එකා කියපි ඒ කුනු බක්කිය අපේ එතැන කුණු දාන්න එපා කියල.
උගෙ මූණ දිහා බලපු මම අතට අරන් බිම අතඇරල දාගෙන ආව.
මාර මිනිස්සු ඉන්නෙ..
කුණු බක්කිය තියෙන්නෙ ඉතිං කුණු දාන්න නෙමෙයිනම් වෙන මොකටද දන්නෑ...
Deleteඔහොම උනුත් අතරින් පතර හම්බෙනවා සෑම් අයියේ...
අපේ මිනිස්සුනම් කවදාවත් ඕක පුරුදු වෙන එකක් නෑ අපේ මිනිස්සු හොද ස්භාවික ස්තානයක් බලන්න ගියත් එතන වනසලා බීලා බෝතලුත් කුඩු කරලයි එන්නෙ ඒත් සුද්දා ඊට වඩා ආදර්ශවත් ගෙනියන හැමදේම එතන කුනු බක්කියක් නැත්තම් බෑගෙකට දාගෙන ඇවිල්ලා කුනුබක්කි වලට දානවා මම අනන්තවත් දැකලා තියෙනවා
ReplyDeleteඒක නම් සහතික ඇත්ත...ගිය තැන විනාසයි...
Deleteසුද්දාගෙන් යහගුණ ඉගෙනීම // ^_^
ReplyDeleteඒ සුද්දා හීනියට කනේ පාරක් ගහලා තියෙන්නේ. ඒක වැදිලා ඊට පස්සේවත් හැදුනොත් හොඳයි.
ReplyDeleteමම සිර්පාදේ ගිය දවසේ එක වන්දනා නඩයක උන්නු සීයා කෙනෙක් තුන් සරණේ කවි කිය කියා සිරිපා කරුණා කලා. ඒ යන ගමන් පඩිපෙලේ වාඩි වෙලා උන්නු අපිට ටොපි දීලා එයත් ටොපියක් කාලා ටොපි කොලේ බිම දාලා ආයෙම තුන් සරණේ කිය කියා ගියා. කොච්චර තුන්සරණේ කිව්වත් වැඩක් නෑ ඒ වගේ දේවල් කර කර....
වැඩේ සිංහලයට ඕවා මතකයේ රැඳෙන්නේ නැති එකනේ....
ReplyDelete