Saturday, January 18, 2014

බලු දානය... - Donate of Dogs...

ගෙවුනු සතියේ ලියවුන “බිරිඳ“ ගැන post එකට හිතුවට වැඩිය හොඳ ප්‍රතිචාරයක් ලැබුනා.ඉතින් තවත් වෙනසකටත් එක්ක මේ පාර ආගම දහමට සම්බන්ධ දෙයක් කතානරන්න හිතුවා.ඒ තමයි “දානය“ ගැන.දානය පිළිබඳව බුදු දහමේ වගේම අනිත් හැම ආගමකම වගේම සඳහන් වෙන නිසා මට හිතෙන්නෙ දානය කියන දේ ලෝකේ තියන හැම ආගමකටම පොදු දෙයක් කියලා.දානය ගැන අද post එක ලියන්න හිතුනේ අද දවල් පරණ photos ටිකක් අදිද්දි හම්බුන photo ටිකක් දැකලා මේ සිද්ධිය මතක් උන නිසයි.

හැම අවුරුද්දකම ඔක්තෝම්බර් මාසේ පෝයට පන්සලේ උදේ සිල් ඇත්තන්ට දානය දෙන්නේ අපේ ගෙදරින්.පුරුද්දක් විදියට අපේ ලොකු අම්මලා වගේම ලඟම හිතවතුනුත් මේකට සහභාගි වෙනවා.ගිය පාර දානය දුන්නේ මතක හැටියට 6 වෙනි පාර වගේ.

ඔන්න ඉතින් දානයත් හදාගෙන පන්සලට ගිහින්,දානේ බෙදලා කරලා ඔක්කොම ඉවර උනා කියමුකෝ.කට්ටිය දන්නවනේ දානේ බෙදුවට පස්සේ සිල් ඇත්තෝ දානය ගන්න කලින් බත් එකෙන් කොටසක් අයින් කරනවා කියලා.ඒ එකතු වෙන ටික සාමාන්‍යයෙන් දාන්නේ දොල පාරකට වගේනේ මාළුන්ට කන්න.ඉතින් එදත් ඔහොම එකතු කරපු දානේ කොටස් වගේම වැඩිපුර තිබ්බ බත් එහෙමත් තිබුනා.ඉතින් ඔය ටික යන ගමන් දොළ පාරකට දාන්න හරි සතෙකුට දාන්න හරි ගියේ අපිත් එක්ක shop එකේ ඉන්න අසංක අයියා...

දවස් දෙකකට පස්සේ වගේ shop එකට ගියාම අපූරු නමක් තිබුන Balu dane කියලා තිබ්බ folder එකක් computer එකේ තිබුන නිසා නිකමට open කරලා බැළුවා.ඒකේ තිබ්බ photos ටික තමා ඔය පහලින් තියෙන්නේ...








කොහොමද ඉතින් බලු දානේ කට්ටිය භුක්ති විඳන හැටි.?වෙලා තියෙන්නේ යන කොට අර කෑම ටික දොල පාරකට දානවා වෙනුවට අර අයියා කරලා තියෙන්නේ ඒ ටික ගෙදරට යනකම් අරන් ගිහින්,ගෙදර හදලා තිබ්බ මස් හොදිත් එක්ක දාලා ඒ පැත්තේ ඉන්න අයිතිකාරයෝ නැති බළු රෑනකට කන්න ගිහින් දීලා.තව මේකට ඒ අයියගේ තාත්තත් support කරලා තියෙනවා.

දානය කිව්වම ගොඩක් අය හිතන් ඉන්නේ පන්සලේ හාමුදුරුවන්ට දෙන දානය විතරයි දානය කියලා.හැබැයි ඒක එහෙම නෑ.මට හිතෙන විදියට සතෙකුට කන්න දුන්නත් ඒ වගේම පිනක් සිද්ධ වෙනවා ඇති.මොකද මනුස්සයෙකුට බඩගිනි උනොත් ඉල්ලගෙන හරි කයි.ඒත් සතෙක් ඒ දේ කරන්නේ කොහොමද.?

ප.ලි.

දානය ගැන ලියනවා කිව්වම කට්ටිය හිතුවද දන්නෑ අද බණ කතාවක් කියන්න යනවා කියලා.එහෙම නැහැ.මේ photos ටික දැක්කම මතක් උනු සිද්ධියක් ගැන ලිව්වේ.දානය ගැන බුදු දහමේ තියෙන හැටි පල්ලෙහා තියෙන සබැඳි ලිපි වලින් ඕනි අයට බලාගතහැකි. 

15 comments:

  1. බඩගින්නෙ ඉන්න සතෙකුට බත් ටිකක් අනලා දෙනවා කියන්නෙ සෑහෙන ලොකු දානයක්

    ReplyDelete
    Replies
    1. බඩගින්න හැමෝටම පොදු දෙයක්නේ...

      Delete
  2. දානය දානයම තමා ඒකේ දෙකක් නෑ..

    ReplyDelete
  3. හිනා වෙන්න නම් එපා..
    බලු කපුටු දාන අපේ අප්පච්චියා වැඩ කරන තැනත් දෙනවා. :D
    මං හිතන්නේ ඒ කාලෙට අප්පච්චිට කියනවා හොරෙන්ම මටත් කෑම එකක් නෙලුම් කොලේක ගේන්න කියලා.. ඇත්තමයි ඒ කෑම එක මාර රසයි. බුරියානි ප්‍රයිඩ් රයිස් එකට වඩා සරලයි. රසයි...

    කුසුගින්න හඳුනන මිනිස්සුන්ට තව කෙනෙක්ගේ දුක තේරෙනවා අමිල. ඒක තමයි මානුශීයත්වය කියන්නේ.. දානය කියන්නේ පන්සලටම හැමදේම පුදන එකම නෙමෙයි. මං ඕනේ තරම් පන්සල් වල කෑම අහක දානවා දැකලා තියේ. එහෙම බලද්දී මේක කොච්චර අපූරු දෙයක් ද..?

    ReplyDelete
    Replies
    1. අනිවා...මේක දැම්මෙත් එකයි...අනික් දේ බුරියානි වගේ දේවලට වඩා අර වගේ සරල දෙයක් කන කොට බඩ විතරක් නෙමෙයි,හිතත් පිරෙනවා....

      Delete
  4. මගේ නම් මතය මෙහෙම සතෙකුට කන්න දෙන එකෙන් හිතට ලොකු සතුටක් ලැබෙනවා.. මොකද මිනිස්සුන්ට ඉවසලා බැරිම වුනොත් කාගෙන් හරි ඉල්ලන්න පුළුවන් හන්දා..

    ReplyDelete
  5. ඇත්තටම පින් වැඩක් අමිල. කටින් ඉල්ල ගන්න බැරුව තමන්ට හොයා ගන්නත් බැරුව මොන තරම් අසරණ වෙනවද මේ අහිංසකයො.

    ReplyDelete
    Replies
    1. වැඩි දෙනෙක් නොහිතන්නෙත් ඒකමයි...

      Delete
  6. කාට උනත් බඩගින්න පොදු දෙයක් නෙව.
    මේ වැඩේ නම් අගය කල යුතුමයි.. !

    ReplyDelete
  7. මෙකත් ලොකු පිනක් ජයෙන් ජය

    ReplyDelete
  8. සතුන්ටත් ආදරය කළ කරුණාවෙන් සැලකූ සිරිත ඈත අතීතයේ සිටම ඉදිරියට ඇවිත් මග නැවතුනා වගේ තිබිලා ආයෙත් මිනිස්සු තේරුම් ගත්තා වෙන්න ඇති. ඔබේ ලිපිය ඉතාම වටින්නේ ඒ බව නැවත සංවේදීව සිහිපත් කරවීමට සමත් වූ බැවිනි.

    ReplyDelete

Popular Posts

Total Pageviews

Powered by Blogger.

Followers

සුළඟ වගේ...... හිටියත් නෑ වගේ...නැතත් හිටිය වගේ....

My Blog List