Thursday, January 9, 2014

කවිය නුඹ හා මම...

තීතයේ ගෙවුනු ඒ දවස් කොච්චර නම් ලස්සනද.?මතකද ඒ දවස්වල වෙලාවක් කලාවක් නැතිව නුඹයි,මමයි දොඩමළු උන අපූරුව.?පන්ති කාමරයේ අන්තිම පේලියේ,වෙලාවකට පාළුවට ගිය පුස්තකාලයේ මේස කොනක කොච්චරක් නම් අපි දොඩමළු වෙන්නට ඇද්ද.?නිදිමත හැදෙන B.S. පාඩම් අස්සේ, බය හිතෙන Econ සර්ගේ වදන් අතරේ හැමෝටම හොරා අපි දොඩමළු උන ඒ දවස්වල මතක සටහන්, අදටත් ඉඳහිට පරණ පොත් වල අන්තිම පිටු කිහිපය පෙරලද්දි අතරින් පතර හමුවෙනවා...

ඉතින් ආදරණීය සබඳ...අද නුඹ දුරට වී මන්ද...?

“කාලෙකට ඉස්සර
 නුඹ එක්ක තනිවෙලා...
 පැය ගණන් වරු ගණන්
 මතකයිද දොඩමළු උනා...

 තනිකමට හුරුවෙච්ච
 පාළු හිත් මානයට...
 ඇය ලංවුදා පටන් 
 ගියා නොකියාම නුඹ දුර...

 අදත් ඉඳහිටක ‘විත් එබෙන
 නොම රැඳෙන ‘මුත් ලඟක...
 දුරක ගිය ඇය නිසා
 පාළු උන හිත හැදුව...

 හිතයි මට නුඹ එක්ක
 යලි ඉතින් පෙමින් බැඳෙන්නට...
 කාටත් හොරා නුඹ එක්ක
 පෙරලෙසට දොඩමළුව ලඟ ඉන්න...

 ඉතින් නුඹ එනවාද 
 ආයෙමත් ආදරෙන් ලඟ ඉන්න...
 වෙන්ව උන් අතීතයේ මතක
 අකුරු කර ගලපන්න...

 තනිවෙමු යලිත්
 එක් මොහොතක...
 ආදරණීයම...
 කවිය නුඹ හා මම...


All rights reserved.Registerd@08/01/2014


10 comments:

  1. ඒකනං හරිම වටිනවා.. මටත් එහෙම කරන්න තිබුනා නං.. ඒත් බැහැ.. දැං කවිය හා මා දික්කසාද වී හමාරයි..

    ReplyDelete
    Replies
    1. අපොයි...අර මොකෝ.?
      අපරාදේ...

      Delete
  2. මාත් මගේ තනියට හිටිය කවිය වෙනුවෙන් කවියක් ලිවුවා කලියෙන්.. දැන් ඉතින් ඒක හොයන්න බ්ලොග් එක අවුස්සනවට වඩා හොදයි නිකන් ඉන්නවා.. කවියත් එක්ක තියෙන ආදරේ හරි අපූරුයි බං

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත...කාලේ ගෙවෙනවා දැනෙන්නෑ එතකොට...

      Delete
  3. හරි අපූරු කවි සිතුවිල්ලක් !
    මාත් අතීතයේ සක්මන් කර කර ඉන්න ගොඩක් ආසයි..
    ඔන්න කොල්ලෝ අතීතයට හිත දිව්වට කමන් නෑ අතීතයේ දුක හිතෙන දේවල් වර්ථමානයට අරගෙන එනවා නෙමේ ඕං !!!

    ReplyDelete
    Replies
    1. ///අතීතය හිත පෑරවූවද දුකයි අමතක කරන්න...///

      මෙහෙම කියලා කවියකත් තිබුනා...

      Delete
  4. අම්මොහ්... මං ඒ අතීතයට පට්ට වෛර කරනවා..
    නුවර වීදි අස්සේ ගෙවුණු කාලේ.. වීදි වල දුන්නු පොරොන්දු..
    මාරු කරපු මුදු.
    දළදාව ඉස්සරහා මට දුන්නු බොරු පොරොන්දු...
    හැමදේටම මැරෙනකන් වෛර කරනවා.

    ReplyDelete
    Replies
    1. ඒ හැමදෙයක් දිහාම හිතේ තරහක් නැතිව බලනවා නම් දැනෙන දුක අඩුයි යාළු...

      Delete
  5. කවිය කියන්නේ තනියට ළඟ ඉන්න මිතුරෙක්.

    ReplyDelete

Popular Posts

Total Pageviews

Powered by Blogger.

Followers

සුළඟ වගේ...... හිටියත් නෑ වගේ...නැතත් හිටිය වගේ....

My Blog List