Wednesday, January 1, 2014

අරුත්බර හෙටක් උදෙසා... - 1st Anniversary of “ හිතුවක්කාරයෙකුගේ සටහන් “...

සරක් පුරාවට අපිත් එක්ක ලඟින් උන්නු 2013 යන්න ගිහින්...ඒ උදාවුනු 2014 ට ඉඩදීලා.ඉතින් හැමෝටම සුබ නව වසරක් කියලා ඉස්සෙල්ලම ප්‍රාර්ථනා කරනවා...අද නව වසර උදාව වගේම මටත් විශේෂ දවසක්...ඒ අදට “හිතුවක්කාරයෙකුගේ සටහන් “ Blog එකට හරියටම අවුරුද්දක් පිරෙනවා...

හරියටම අවුරුද්දකට කලින් අද වගේ දවසක පලවෙනි Blog post එක ලියද්දි දැනුනු හැඟීම මේ දැනුත් දැනෙනවා වගේ.හිතේ තිබුනු ආසාවට පටන් ගත්ත blog එක දිගටම ලියනවා කියලා idea එකක් තිබුනත්,ගෙවුනු අවුරැද්ද පුරාවටම ලියවිලා තියෙන්නේ post 19 ක් විතරයි...ඒකත් අවාරෙට එක දෙක වගේ...කොහොම උනත් පහුගිය වසරම plan කරලා කරන්න හිටපු ගොඩක් දේ මගනතර උනු වසරක් උනා...කොහොම උනත් වැරදි අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න මේ අවුරුද්දේ ලබපු අත්දැකීම් ගොඩක් වැදගත් වෙනවා...බලමු ඉතින් ඉස්සරහට...

“හිතුවක්කාරයෙකුගේ සටහන් “ ආරම්භ කරද්ද් වගේම ඉඳහිට හරි post එකක් දාලා මෙච්චර කාලයක් කරගෙන යන්න සහයෝගය දීපු හැමෝටම ස්තූතියි...Blog එකට ඉස්සරවෙලාම වගේ ගොඩවැදුනු ජගත් චන්දන අයියා , බුද්ධි ප්‍රතිභා ,වගේම විවිධ තාක්ෂණික දෝෂ නිරාකරනය කරගන්න සහයෝගය දීපු හැමෝටමත්, නම් කියන්නට බැරි උනු ගොඩවැදිලා Comment කරපු ,නොකරපු හැමෝටමත්, Blog එක කියවන්නන් අතරට ගෙනියන්න ගොඩක් උදව් කරපු සින්ඩිකේටර් ඇඩ්මින්ලටත් නැවත වාරයක් බොහොම ස්තූතියි...!

ලැබුවා වූ නව වසරේ හැමෝගෙම හිත්වල තියෙන බලාපොරොත්තු ඉටුවෙන්න කියලා ආපහු පාරක් ප්‍රාර්ථනා කරනවා වගේම “ හිතුවක්කාරයෙකුගේ සටහන් “ එක්ක දිගටම ඉන්න කියලත් හැමෝටම ආරාධනා කරනවා...ඒ වගේම හැමෝගෙම හිත්වලට අළුත් අදහසක් දෙන්න ඕනි කියලත් මට හිතුනා...
A/L class වල අන්තිම දවසෙදි Accounting කරපු හේමාල් සර් කියපු මේ වචන ටික හැමදාමත් මට වැදගත් වෙච්ච වචන ටිකක් උනා.සර්ගේ වචන වලින්ම කියනවනම්...

“පුතේ...ඔයාලා මෙතනින් එලියට ගිහින් අනාගතයේදි කවුරු උනත් තමන් කරන දේ හරියටම කරන්න...ඔයා sweep ticket වික්කත් කමක් නෑ.ඒ දේ හරියටම කරන්න.කවදාවත් වරදින්නෑ...“


                           හැමෝටම සතුට , ආදරය ලඟ රැඳෙන සුබ නව වසරක් වේවා..!

17 comments:

  1. නව වසරටත් බ්ලොග් වසරටත් ආසිරි.. ජය වේවා..

    ඔව් මොන දේ කරත් ඒක හරියට කරන්න ඕන.. නැත්නං නුහුරු තැනක තිබ්බ විදුරු බෝතලේ වගේ බිදිල යනවා හැමදේම...

    ReplyDelete
    Replies
    1. අනිවා...
      සුභ නව වසරක් වේවා..!

      Delete
  2. ලැබුවාවූ නව වසර සතුට පිරී ඉතිරී යන සුබ නව වසරක් වේවා !
    ඒ වගේම බ්ලොග් පෝස්ට් වලින් පිරී යන බ්ලොග් වසරකටත් ආසිරි පතමි ! දිගටෝම ලියමු !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ...
      සුභ නව වසරක් වේවා..!

      Delete
  3. නව වසරට ආසිරි......!!!

    ReplyDelete
    Replies
    1. සුභ නව වසරක් වේවා..!

      Delete
  4. ලියමුකො බලන්න එහෙනම්.ලබන අවුරුද්දේ මේ වෙනකොට 19, 119ක් වෙලා තියෙන්න කියල සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...
      සුභ නව වසරක් වේවා..!

      Delete
  5. මේ අවුරුද්දේ ලියමු හොදට.. අපි එනෝ කියවන්න.. අවුරුද්දේ සැමරුමට සුභ පැතුම් වගේම සුභ නව වසරක් වේවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ් අයියේ...
      සුභ නව වසරක් වේවා..!

      Delete
  6. හිතුවක්කාරයාට මගෙනුත් සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිලිනි...
      සුභ නව වසරක් වේවා ඔයාටත්..!

      Delete
  7. //sweep ticket වික්කත් කමක් නෑ.ඒ දේ හරියටම කරන්න.කවදාවත් වරදින්නෑ...// සහතික ඇත්ත. සුබ අළුත් අවුරුද්දක් වේවා...!

    ReplyDelete
    Replies
    1. සුභ නව වසරක් වේවා..!

      Delete
  8. සුභ නව වසරක් වේවා නලින් අයියේ..!

    ReplyDelete
  9. ඉදිරියටත් සටහන සාරවත් ලෙස දිග හැරීමට දිරිය ශක්තිය ලැබේවා.. ගොඩක් ආසාවෙන් කියවපු බ්ලොග් එකක් මේක.. සුබ පැතුම්..

    ReplyDelete
  10. ස්තූතියි සමීර...

    ReplyDelete

Popular Posts

Total Pageviews

Powered by Blogger.

Followers

සුළඟ වගේ...... හිටියත් නෑ වගේ...නැතත් හිටිය වගේ....

My Blog List