ඉතිං ඒ මොනා උනත් මේ හීනත් ගොඩක් අයට කාලෙන් කාලෙට වෙනස් වෙනවා.කාලෙන් කාලෙට එක එක හීන දැක දැක උන්නු මාත් ඔන්න මේ ලඟදි ඉඳලා අළුත් හීනයක් දකිනවා...ඒ තමා දේශපාලකයෙක් වෙන හීනය...
“මට ඕනි ලොක්කෙක් වෙන්න
ඉතිං...
මම හිතුවා දේශපාලකයෙක් වෙන්න...
චේ ගුවේරා කැස්ත්‍රෝලා
කුණු මුල්ලට වීසි කරලා...
එකතු කරපු පොත් පත්තර
කඩල ඔතන්නට විකුණලා...
මං යනවා ඉගෙන ගන්න
බොරු කියන්න...ගසා කන්න...
මට ඉහලින් යන එවුන්ගේ
අඬු කඩන්න...බෙලි කපන්න...
අවනීතිය රජ කරන්න
යුක්තිය දඟගෙට යවන්න...
පරම්පරා හත අටකට
හම්බකරලා ගොඩගහන්න...
අද ඉඳලා ට්‍රයි කරනවා
දේශපාළුතුමෙක් වෙන්න...
(සමාවෙන්න...දේශපාලකයෙක් වෙන්න...)
ඉතිං අවශ්‍ය කරන සුදුසුකම් තියනවනම් බ්ලොග් අවකාශයේ ඇත්තන්ටත් පුළුවන් දේශපාලකයෙක් වෙන්න ට්‍රයි කරන්න...ඕනිනම් අපිටත් සපෝට් කරන්න බැරියැ...අනික ඉතිං මේ ඉන්දියන් සාගරයේ අමුතු ඇටේ පඳුරකට පයින් ගැහුවත් මැති ඇමතිලා දෙතුන් දෙනෙක් විසික් වෙන එකේ,අනාගතේ දවසක අපිටත් අඩුගානේ මන්ත්‍රී කෙනෙක් වෙන්නවත් බැරි වෙන එකක් නෑ..............................
සහන් රංවල ගේ ලමා බලකායෙ සිංදුව මතක් වුනා..
ReplyDeleteමටත් ඔය සිංදුව දවසක් අැහුව කියලා මතකයි.....
Deleteඔය අට මගල කොරන්නනම් දේශපාලනේට යන්න සිහින දකින්නේ.......... මටත් ඉතින් මතක් වෙනාවා...................
ReplyDeleteඔය අට මගල කොරන්නනම් දේශපාලනේට යන්න සිහින දකින්නේ.......... මටත් ඉතින් මතක් වෙනාවා...................
ReplyDelete:)
Deleteඕකට නම් ලංකාවේ ඉන්න හැම මනුස්සයෙක්ම සුදුසුයි කියලා තමයි කියන්න වෙන්නේ..
ReplyDeleteඅනිවා...........
Deleteබැරිද මටත්
ReplyDeleteමොකෝ බැරි..?අටම් අයියටත් ට්‍රයි කලොත් පුළුවන්...
Delete