Tuesday, November 26, 2013

අතීත සිදුවීම් යලි යලිත් සිදුනොවීමට නම්... - ලාංකීය ජනතාව හා බෝවත්තේ ඉන්දරතන හිමි සිද්ධිය...

තැමුන් ජීවිත පූජාවක් ලෙස දුටු,තවත් ඇතැමුන් සියදිවි නසාගැනීමක් ලෙස අර්ථකතනය කල බෝවත්තේ ඉන්දරතන හිමියන් ගව ඝාතනයට එරෙහිව ගිණි තබාගනිමින් මියයාමේ සිද්ධිය සිදුවී 6 මසක් ගෙවීගොස් අවසානය.සිද්ධිය සිදුවූ දින රැයේ හිරු ප්‍රවෘත්ති වලට අදහස් දැක්වූ හිමිනමක් මෙසේ කීවේය.

“හාමුදුරුවන්ගේ ජීවිතේට අනතුරක් උනොත් මීට වැඩිය දරුණු ක්‍රියාමාර්ග අපි ගන්නවා.“


අවසානයේ බෝවත්තේ ඉන්දරතන හිමියන් අපවත් විය.දැඩි ආරක්ෂාවක් මැද එතුමන්ගේ ආදාහන කටයුතුද සිදුවිය.ඒ දිනවල බොදුබල සේනාව,රාවණා බලය වැනි සංවිධාන එම සිදුවීම පිළිබඳව දුක හිතෙන හා ආවේගාත්මක කතාද බොහොමයක් කීවේය.බුකියේ පෙලහර පානා බොහෝ දේශප්‍රේමීන්ද Profile picture එකට කහ කොඩි හා බෞද්ධ කොඩි දමාගෙන සිටියේය.එසේ නැති ඇත්තන්ටද එසේ කරන්නට කියමින් පණිවිඩ යැව්වේය.උන්වහන්සේගේ රුව ඇතුලත් ඡායාරූප දහස් ගණනින් Share කෙරුණි.

ඉන්දරතන හිමියන් ගව ඝාතනයට එරෙහිව ගිණි තබාගනිමින් මියයාමේ සිද්ධිය සිදුවී 6 මසක් ගෙවීගොස් අවසානය.නමුත් උන්වහන්සේ එම ජීවිත පූජාවෙන් බලාපොරොත්තු වූ දේවලින් දශමයක් හෝ ඉටුවී ඇත්ද යන්න ප්‍රශ්නාර්ථයකි.ධර්මද්වීපය කියා කියන ශ්‍රී ලංකාව තුල මේ සටහන තබන හා ඔබ මෙය කියවන මොහොතේත් කොහේ හෝ තැනක ගවයෙක් ඝාතනය කරනවාට,මසට විකුණා දමනවාට,බත් පතේ හරක් මස් දමාගෙන තළු මරමින් රස බලනවාට නිසැකය.පසුගිය කාලයේ එක්තරා ජනප්‍රිය සංවිධානයකින් ලංකාවේ ගව ඝාතනය වැලක්වීම සඳහා පිටරටින් හරක් මස් ආනයනය කරන්නට යෝජනා කල බවක් බුකියේ සැරිසරද්දි නෙතගැටුනි.උන්වහන්සේලා එසේ කියන්නට ඇත්තේ පිටරටවල හරක් ඇපල් මෙන් ගස්වල හැදෙනවා කියා සිතා වියයුතුය.

තමන් සත්‍යය හා යුක්තිය යැයි විශ්වාස කල කරුණක් සාක්ෂාත් කරගැනීම උදෙසා සිය ජීවිතය පූජා කිරිමට තරම් ඉන්දරතන හිමියන් සතුවූ ආත්ම ශක්තිය ගරුකල යුතු හා හිසනමා ආචාර කලයුතු කරුණක් බවට විවාදයක් නැත.නමුදු ගැටළුවක් තිබේ...
      ඉන්දරතන හිමියන්ගේ ජීවිත පූජාව හා එයට පසුබිම් වූ කරුණු අද වන විට ලාංකිකයන් කීදෙනෙකුට මතකයේ ඇද්ද.?තව ටික දිනක් ගතවී යනවී ඔවුන්ගෙන් කී දෙනෙකුට  නම් එය මතකයේ රැඳෙවිද.?

“සිංහලයාට ඕනෑම දෙයක් මතක දින 14ක් පමණකි.“ කියා ප්‍රබාකරන් පැවසු කතාවක් අදද අපට නිරන්තරයෙන් අසන්නට ලැබේ.කොටියා උනත් ප්‍රභාකරන්ගේ ඒ කතාවට ඩොලර් නොව පවුම් දැමිය යුතුය...

වසර 30ක ශාපලත් යුද්ධයෙන් 2009 තෙක් ලාංකිකයන් බැට කෑවේය.තුස්තවාදීන්ට භීෂණය මුදාහරිනවිට එයට ගොදුරු වන්නේ සිංහලයාද,ද්‍රවිඩයාද,මුසල්මානුවාද කියා ප්‍රශ්නයක් තිබුනේ නැත.නමුදු අද වන විට බොහෝ දෙනෙක් හැසිරෙන්නේ එවැන්න් නොතිබුනු ගාණටය.TNA සංවිධානය තවමත් ඒකීය රාජ්‍යය සංකල්පයක් ගැන කතා කරද්දි,මහ විරු දින සමරන්නට සැරසෙද්දි සමහරක් නමට සිංහලයන් ලැජ්ජා විරහිතව ඔවුන් උදෙසා කඩේ යන්නේ ඒ මතකය අමතක කර දමාය.

ජනතාව මත බලෙන් පටවන්නට හැදූ පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප ප්‍රතික්ෂේප කරමින් සිදුකරන ලද උද්ඝෝෂණයේදී රොෂේන් චානක වෙඩිකා මිය ගියේය.පොලීසිය වෙනුවෙන් වගකීම බාරගනිමින් විශ්‍රාම යන්නට දින කිහිපයක් ඉතුරුව තිබූ හිටපු පොලිස්පතිතුමා ඉල්ලා අස්විය.දින කිහිපයකින් රටේ ජනතාවට රොෂෙන් චානක යනු කවරෙක්දැයි අමතක විය.

එම සිදුවීම වී ටික දිනක් ගතවන විට ඉන්ධන මිල ඉහල යෑමට එරෙහිව හලාවතදී කල උද්ඝෝෂණයට එල්ලවූ වෙඩි පහරින් ඇන්තනී ප්‍රනාන්දු මිය ගියේය.රොෂෙන් චානක මෙන්ම ඇන්තනි ප්‍රනාන්දුද ටික දිනකින් මිනිසුන්ගේ මතකයෙන් බැහැරවිය.

අතීත සිදුවීම් වර්තමානයේදි නැවත නැවතත් සිදුවේය යන කියමන යතාර්ථයක් බවට පත්කරමින් පානීය ජලය ඉල්ලා රතුපස්වලදී සිදුවූ උද්ඝෝෂණය අතරතුර සිදුවූ වෙඩි ප්‍රහාරයකින් එයට කිසිදු සම්බන්ධයක් නොතිබූ පාසල් සිසුන් දෙදෙනෙක් ඇතුළු කිහිප දෙනෙක් ජීවිතක්ෂයට පත්විය.සිද්ධිය සිදුවූ දිනවල මාධ්‍ය මගින් පුවත් මවන සිදුවීමක් වූ එය මාධ්‍යට මෙන්ම රටේ බහුතරයකටද බොහෝ සෙයින් අමතකව ගොසිනි.

14 හැවිරිදි දැරියක් දූෂණය කල,කාන්තාවන් සිය දෙනෙකු සමග ලිංගිකව එක්වීම නිමිත්තෙන් සාද දැමූ බවට ප්‍රචලිතවූ සාරුව සුනිල් නීතියේ රැහැනට හසුවිය.නමුදු ඔහුගේ සියළු ජඩකම් අමතක එක්තරා කාලකණ්නි මහජන පිරිසක් (සමාවෙන්න...මෙයට වඩා ඔවුන්ට ඇමතීමට ශිෂ්ඨ වචනයක් මගේ භාවිතාවේ නැත.) ඔහු මුදවා ගන්නට පෙලපාලි ගියේය.අවසානයේදි සාරුව සුනිල් නිදහස් විය.
විද්‍යුත් මාධ්‍යය මගින් අසන්නට හෝ දකින්නට නොලැබුණත් සාරුවා අතින් දූෂණය වූ දැරිය සියදිවි නසාගත් බවට මුද්‍රිත මාධ්‍යක පලවූ පුවතක් මිතුරෙකු විසින් එවා තිබුනි.නොමිනිස් සමාජයක ඉපදීමේ වරදට වන්දි ගෙවූ ඒ දැරිය මෙන්ම එයට වගකිවයුත්තන්ද ලාංකිකයන් ඉක්මණින් අමතක කර දැම්මේය.

මේ උදාහරණ කිහිපයක් පමණි.ලියනවානම් නිමක් නැතිව මෙවැනි සිදුවීම් පිලිබඳව ලිවිය හැක.කෙසේ නමුත් රොෂෙන් චානකලා,ඇන්තනීලා කලින් කලට මතක් වෙන පිරිසක්ද නැත්තේ නොවේ.ඒ දේශපාලකයන්ය...
දේශපාලන වේදිකාවේදි ඔවුන් රොෂෙන් චානකලාව ඡන්දය ලබාගැනීම උදෙසා හොඳ හැටි Market කරති.ඡන්දය ලබාගත් පසු යලි ඔවුන්ව අමතක කර දමති...
බලයේ සිටියදී ජනතාවට චන්ඩි පාට් දැමූ,ජනතාව පීඩනයට ලක්කල දේශපාලකයෝ තමන් කිසිදිනක එවැන්නක් නොකලා සේ ඡන්දයක් එළැඹි කල මහජනතාවගේ දෙපා මුලට ඡන්දය සිඝමින් පැමිනෙති.විසිල් පාර ගසා හුරේ දමන ජනතාවද ඡන්දය දී ඔවුන්ව නැවත පත්කරගනී.

මේ ලංකාවේ හැටිය.ලංකාවේ 99% ක් ජනතාවගේ හැටිය.ආසියාවේ ආශ්චර්ය කියන්නෙත් මෙසේ අමතක වීමේ සහ කිරීමේ රෝගය බරපතල ලෙසටම ජනතාවට වැළඳී ඇති නිසාදැයි කියා විටක සිතේ.අද මේ සටහන කියවන බොහෝ දෙනෙකුට හෙට දවසේදී මේ සත්‍යය අමතක වනු ඇත.


රටක්,ජාතියක් හෝ අඩුම ගණනේ පෞද්ගලිකව තමන්ගේ දියුණුව උදෙසා හෝ ඉදිරියට යෑමට නම් අනිවාර්යෙන්ම මේ අමතක වීමේ සහ කිරීමේ රෝගය සුව කරගත යුතුමය.අතීත සිදුවීම් යලි යලිත්
සිදුනොවීම පිණිස අතීතයෙන් පාඩම් ඉගෙන ගත හැක්කේ එවිටය.එසේ නොවන්නට මේ සියල්ල යලි යලිත් මේ ලක්දෙරණ මත සිදුවෙනවා ඇත.ඒවා අසා දැක, “අනේ අපොයි“ කියමින් කම්මුලේ අත තබාගෙන සිට ටික දිනකින් කිසිවක් සිදුනොවූවා සේ හිඳින්නට ජනතාවට වෙනවාද නිසැකය.


පසු සටහන -

බෝවත්තේ ඉන්දරතන හිමියනි...ඔබ වහන්සේ එවන් කැපකිරීමක් කලේ මෙවන් ජනතාවක් සිටින රටකය.ඉදින්...එයින් පලක් වේද යන්න නම් සැක සහිතය.ඔබ වහන්සේ ජීවතුන් අතර සිටියා නම් කරන්නට තිබූ දේ අපමණය...නමුත් සියල්ල සිදුවී අවසන්ය...

9 comments:

  1. රටට මෙහෙම වෙන්නත් ඒක ප්‍රධාන හේතුවක් අයියේ...

    ReplyDelete
  2. ලංකාවේ මිනිස්සුනට හැම දෙයක්ම ඉක්මනට අමතක වෙනවානේ.. ඒ හන්දා කවුරු මොන කැපවීම කලත් වැඩක් නෑ..වෙනත් දෙයකට හිත යොමු වුන ගමන් හැමදේම එතනින් ඉවරයි..

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව දිනේෂ් අයියේ...

      Delete
  3. නියමයි.දිගටම කරගෙන යන්න සුභ පතනවා.අපිත් බ්ලොග් අඩවියක් ආරම්භ කරා.ගිහින් බලන්න
    http://tv-sinhapedia.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රතිචාරයට...අනිවා ඇවිත් යන්නම්.

      Delete
  4. අනෙ මමනම් ඔය නම කරගත්ත දේ අනුමත කරන්නෙත් නෑ හරක් විතරක් මරන්න එපා කියන එක අනුමත කරන්නෙත් නෑ ... අනික බෞද්ධ දර්ශනයේ ගව ඝාතනය නෙමෙයිනෙ ප්‍රාන ඝාතනය කියල අදහස් කලෙ ප්‍රාන කියපුවාම හැම ප්‍රානයක්ම අදාලයි (ප්‍රබාකරන් නැමති ත්‍රස්තවාදීයාගෙත් ජීවිතය ප්‍රානයක්- අලවපල්ලා බැනපල්ලා කොටියා කියලා ) මෙතන අවුල තියෙන්නෙ බුදුබන විකුර්ති කරා මදිවට අසාදාරන ලෙස ඒවා අනුන්ගෙ ඇගෙ බලෙන් ගහන්ඩත් යන එක

    ReplyDelete
    Replies
    1. / හරක් විතරක් මරන්න එපා කියන එක අනුමත කරන්නෙත් නෑ .../
      ඒ දේ මාත් පිලිගන්න දෙයක්.

      Delete
  5. ඔන්න මමත් සෙට් උනා. නිවාඩු වෙලාවක ලිපිය කියවලා කමෙන්ට් කරන්නම්..
    ජය වේවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝ ප්‍රතිචාරයට...
      ජය වේවා...!

      Delete

Popular Posts

Total Pageviews

Powered by Blogger.

Followers

සුළඟ වගේ...... හිටියත් නෑ වගේ...නැතත් හිටිය වගේ....

My Blog List