Tuesday, November 5, 2013

වේට්ටිය දොර උඩ...එතුමා ගෙදර...- A Story of uncle Rathnayaka...01

මේ ටිකේ ලියන්නට වෙන්නේ සිතන් ඉන්නා දෙය නොව ඊට හාත්පසින්ම වෙනස් දෙයකි.හවස ගෙදර යන්නට බසයෙන් බසින තුරුම සිතා උන්නේ ලියන්නට සිතා සිටි නවකතාවේ පලවෙනි කොටස දමන්නටය.නමුත් අද කියන්නට යන කතාවේ කතානායකයා මතකයට නැගුනු පසු ඔහු පිළිබඳ ලියන්නට සිත් විය.

රත්නායක (ඇත්ත නම එහෙම නෙමෙයි හොඳේ...) මාමා හිටපු ග්‍රාම නිලධාරියෙකි.දැන් පෙන්ෂන්ය. පෙන්ෂන් ගොස් කලක් ගතවන තෙක් ඇඳි ආරිය සිංහල ඇඳුමට සමුදී මෑතක සිට කොල්ලන් අඳිනා T-shirt එකකින් හා කලිසමකින් සැරසී කව්බෝයි තොප්පියක්ද දමාගෙන සුපුරුදු හම් බෑගයද ගෙන යනු මෑතක සිට දකින්නට හැකිවිය.ඔහු එසේ උවද,ඔහුගේ සොයුරන් බොහොමයක්ම නොයෙක් ක්ෂේත්‍ර වලින් සමාජයේ පිළිගත් පුද්ගලයන්ය.මෑතක් වනතුරුම පාහේ ඔහු කිසියම් මානසික ගැටළුවක් උදෙසා බෙහෙත්ද පාවිච්චි කලේය.

මේ සිද්ධිය උනේ එතුමා රාජකාරි කල අවධියේය.ඒ කියන්නේ අපි පුංචි උන් සංධියේය.වර්තමාන බොහෝ රාජ්‍යය සේවකයන් මෙන් රත්නායක මාමාද රාජකාරි කරනවාට වඩා ගෙදරට වී නිස්කාංසුවේ සිටිමට ප්‍රිය කලේය.මොකද රාජකාරි කරන්න යන්නට තිබ්බෙත් නිවසේ ඉඳන් 40-45 Km විතර ඈත ගමක නිසාය.
නමුදු පරහකට තිබ්බේ රාජකාරි දවස්වල ගෙදර ඉන්නට බැරි කමය.ඒ කාලයේ ගම්වැසියන් තුල තිබුනේ ග්‍රාම නිලධාරි ගැන බිය මුසු ගරුත්වයකි...ඒ නිසා රාජකාරියට ගොස් පොත අත්සන් කර ඉක්මනින් ගෙදරට පැනගත්තාට ගම්වැසියන් ඒ ගැන එතුමාගෙන් හේතු අසන්නට යන්නේ නැත...ගැටළුව ඇත්තේ තම උසස් නිලධාරියෙක් නොදන්වා හදිස්සියේ පැමිණියොත්ය.

මේ ගැන දහ අතේ කල්පනා කල රත්නායක මාමාට ඝණ දෙවි නුවණ පහල උනා වැනි අයිඩියා එකක් මීටර් විය...ඊලඟ රාජකාරි දවසේ කාර්්‍යාලයට ගිය රත්නායක මාමා පොත අත්සන් කර පැමිණ සිටි දෙතුන් දෙනාගේ රාජකාරි වැඩද ලහි ලහියේ කරදී පිටත් කර යැවීය.ඊගාවට අසල තිබූ වැසිකිලියට වැදී දොර වසාගත් රත්නායක මාමා එතෙක් වේලා හැඳසිටි වේට්ටිය ගලවා වෙනත් වේට්ටියකින් සැරසුනේය.හැඳ සිටි වේට්ටිය ගෙන වැසිකිලියේ දොර උඩින් දමා එලියට විත් යලි දොර වැසුවේය.දැන් බලන කෙනෙකුට පෙනෙන්නේ ග්‍රාමසේවකතුමා වැසිකිලියේ කියාය.ඊලඟ තප්පරයේදි බෑගයද අතට ගත් රත්නායක මාමා හොර රහසේම ගෙදරට එන්ටර් විය.

දෙයියනේ කියා පහල වූ අපූරු අදහසේ අනුහසින් කලක් ගතවන තුරුම රත්නායක මාමා නිදහසේ රාජකාරි දවසේ වැඩි කොටසක් විවේක සුව වින්දේය.ඒත් කාලයක් ගතවන විට ගමේ උදවියට මේ වැඩේ දිරෙව්වේ නැත.උදේ පාන්දර ග්‍රාමසේවක තුමා පැමිණෙන විටම වගේ එන්නට බැරි උනොත් දවල් වී රාජකාරි කටයුත්තක් කරගැනීම බොරුය.දිනක් දිසාපති කාර්්‍යාලයට ගිය පිරිසක් මේ ගැන පැමිණිලි කලේය.

පැමිණිල්ල විභාග කරන්නට පත් කර තිබුනේ එහි සිටි පරිපාලන නිලධාරියෙකි.තමන්ම පැමිණ මේ ගැන සොයා බලන බව පවසා ඔහු පිරිස යලි පිටත් කර එවිය.කියූ පරිදිම ඊළඟ දිනයේදි ඔහු රත්නායක මාමාගේ කාර්්‍යාලයට ගියේය.දෙයියෝ බැළුවා සේ එදිනට කිරීමට රාජකාරි රැසක් තිබූ හෙයින් ඔහු කාර්්‍යාලයට වී බරසාරෙට වැඩය.
ඒත් ඊලඟ දිනයේ සිට ඔහු යලිත් සිය අපූරු අදහසේ මහිමයෙන් රාජකාරි දිනවලද විවේක සුව වින්දේය.බැරිම තැන ගම්වැසියන් යලිත් පැමිණිලි කරන්නට ගියේය.

“හොඳයි මම ආපහු දවසක ඇවිත් බලන්නම්.“ කියා පිරිස පිටත් කර හැරි පරිපාලන නිලධාරියා වෙනත් දිනයක ග්‍රාමසේවක කාර්්‍යාලයට ගියේය...එදා රත්නායක මාමා ඉක්මණට ගෙදර ගිය දවසකි...නිලධාරියා ඉදිරිපසින් ගොස් බලද්දි දොර වහලාය.කාර්යාලයේ පැත්තකට ගිය නිලධාරියා දුටුවේ රත්නායක මාමා වැසිකිලි දොරේ පිටතට පෙනෙන්නට වනා ගිය වේට්ටියය.ගම්වාසින් රත්නායක මාමාගේ වේට්ටි සෙල්ලම දන්නේ නැත.රත්නායක මාමා වැසිකිලියේ ඇතැයි සිතූ නිලධාරියා හදිසි ගමනක්ද යාමට තිබූ හෙයින් කතා නොකරම ආපසු යන්නට ගියේය.

ඊලඟ දවසක පරිපාලන නිලධාරියා හමුවන්නට ගිය ගම්මුන්ට ලැබුනේ මෙවැනි පිළිතුරකි.

“ඇයි අයිසේ මෙහෙම බොරු පැමිණිලි කරන්නේ.?මම මේ පාර යනකොටත් ඒ මනුස්සයා යස අපූරුවට Office එකේ හිටියේ.වැසිකිලියට ගිහින් හිටපු නිසා මම කතානොකර ආවේ.“

එදායින් පසු ගම්මුන් යලි පැමිණිලි කරන්නට ගිය වගක්වත්,රත්නායක මාමා කොතෙක් කලක් වේට්ටි සෙල්ලම කලාද යන්නවත් මා නම් දන්නේ නැත...

                           
                                ---- රත්නායක මාමාගේ තවත් කතා ඉදිරියට...----

12 comments:

  1. හික්ස් .. මරු ගේම් එක.. මමත් ඉස්කෝලේ යන්න කම්මැලි හිතුනාම ඔය ගේම ඔය විදියටම ගහනවා ඉස්කූල් බස් එක යනකං... :3
    මොනවා උනත් ඕකත් හොඳ දෙවි නුවණක්..

    බොර දියක ඉඳුවර

    ReplyDelete
    Replies
    1. රත්නායක මාමාට බෙන්ගේ නෑදැකමක් එහෙම නෑ නේද.?

      Delete
  2. රත්නායක මාමා බුවා..

    ReplyDelete
    Replies
    1. නිනම් නෙමෙයි..,පිස්සු බුවෙක්...

      Delete
  3. මේකාට මේ ආකාරයට බඩ යනකොට වත් ගමේ මිනිස්සුන්ට සැක හිතුනේ නැද්ද අප්පා?

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙත් සම-හරක් හිටියළු....

      Delete
  4. කෙන්ජිගේ කමෙන්ටුවේ ලිංකුව හරහා මේ පැත්තට ගොඩ වැදුණා. එන්නම් දිගටම.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නලින් අයියේ...

      Delete
  5. හිකිස්.. මේක රජයේ සේවකයන්ට විතරද කරන්න පුලුවන්..

    අපි වගේ පෞද්ගලික අංශයේ අයට මෙහෙම සැප නැහැනේ.. :)

    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. මටත් රජයේ සේවකයෙක් වෙන්න හිතෙනවා අෆ්ෆා...

      ස්තූතියි ගොඩවැදුනට සෑම් අයියේ...

      ජය වේවා...

      Delete
  6. ඒකනම් මාරම රත්නායක මාමෙක් නොවැ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ කෙන්ජී අයියා......

      Delete

Popular Posts

Total Pageviews

Powered by Blogger.

Followers

සුළඟ වගේ...... හිටියත් නෑ වගේ...නැතත් හිටිය වගේ....

My Blog List