Friday, October 25, 2013

E-mail address එකක් තිබුනනම් මම තාම Toilet හෝදනවා...

වාරයේ පොල් වැටෙන්නාක් වගේ යන MS Office course එකට ගිය සතියේ ගොඩවැදුනේ සති දෙක තුනකට පසුවය...මේ සතියේ තියෙන්නට තිබුනේ Access ගැන උනත් සර් උගන්නන්නට ගත්තේ Internet & E-mail ගැනය...මේ පාඩම ඉවර වී සර් කිව්ව කතාවක්ය...ඔහු කියපු හැටියට නම් මේක ඇත්තම කතාවක්ය...

ඔන්න එක කාලයක Microsoft එකේ job එකකට interview එකක් තිබ්බළු.job එක තමයි සමාගමේ “සනීපාරක්ෂක කම්කරු“,එහෙම නැත්නම් Toilet පිරිසිදු කරන එකළු...ඉතිං මේකට අයදුම් කරපු අයගෙන් “මැතිව්“ කියලා රස්සාවක්නැතිව වේලි වේලි හිටිය හාදයෙකුත් මේ පරීක්ෂණයෙන් සමත් උනා.
ඉතිං interview board එකෙන් මැතිව්ට කතා කරලා මෙහෙම කිව්වළු...

“බොහොම සතුටුයි...ඔයා රැකියාවට තෝර ගත්තා...අපේ ප්‍රතිපත්තියක් තියෙනවා පත්වීම් ලිපිය අතට නොදී E-mail කරලා එවන.ඒ හින්දා අපිට ඔබතුමාගේ e-mail address එක දෙන්න...“

කරුමේ කියන්නේ මේ හාදයා ගාව e-mail address එකක් තිබ්බේ නැහැළු...ඉතිං මූ ඒක කිව්වා විතරයි රස්සාවත් නොදී ආපහු එව්වළු...

ඉතිං මැතිව් Microsoft එකෙන් එලියට ඇවිත් යන කොට දැක්කළු පාරේ ස්ට්‍රෝව්බෙරි විකුනන තැනක්...ඉතිං මූත් එතනට ගිහින් ස්ට්‍රෝව්බෙරි ටිකක් අරගෙන යනකොට මැතිව් ට හිතුනළු ඒ ටික විකුණන්න...කොහොම හරි ගෙදරට යනකොට ලාභයකුත් තියාගෙන ස්ට්‍රෝව්බෙරි ටික විකුණන්න මේ හාදයට පුළුවන් උනා...ඉතිං මේකා කල්පනා කරාළු මේ වැඩේ ටික දවසක් කරලා බලන්න ඕනි කියලා...,පහුවදා ඉඳන් ස්ට්‍රෝව්බෙරි විකුණන්න පටන් ගත්තළු.

ඔන්න ඉතිං කාලයක් ගියාළු...ඔය අතරෙදි මහන්සිවෙලා වෙලඳාම දියුණු කරගත්තු මැතිව් පලතුරු ආනයනය හා අපනයනය කරන සමාගමක අයිතිකාරයෙක් උනා...ඉතිං දවසක් මැතිව් ට ඕනි උනා මේ ආයතනය රක්ෂණය කරගන්න...ඉතිං මේක ගැන රක්ෂණ සමාගමකට දැනුම් දුන්නාම දවසක් රක්ෂණ නියෝජිතයෙක් ඇවිත් මැතිව්ව හමුඋනා.

“සර්ගේ වැඩේ ඔක්කොම හරි...ඉතුරු වෙලා තියෙන්නේ ඒකේ විස්තර සර්ට දෙන එක විතරයි.මට ඔබතුමාගේ e-mail address එක දෙන්න...මම ඒකට එවන්නම්.“

කියලා රක්ෂණ නියෝජිතයා කිව්වම මැතිව් මෙහෙම කිව්වා.

“මට තාම e-mail address එකක් නෑ.“

රක්ෂණ නියෝජිතයට පුදුමයිළු මෙච්චර ලොකු ව්‍යාපාරිකයෙක් ලඟ e-mail address එකක් නෑ කිව්වම.ඉතිං ඔහු කිව්වළු,

“සර් e-mail address එකක් නැතුව මේ වගේ තැනක ඉන්නවනම් e-mail address එකක්තිබුනනම් අද කොතනක ඉඳීද..?“

කියලා.මේක අහපු මැතිව් කට කොනකින් හිනාවෙලා මෙහෙම කිව්වළු.

“e-mail address එකක්තිබුනනම් මම මේ වෙලාවෙත් Microsoft එකේ Toilet හෝදනවා.“

  +++                  +++                    +++                    +++                  +++              +++             +++

මේක කිව්ව සර් මේකෙන් ලමයින්ට පැහැදිලි කලේ e-mail address එකක් තියෙන එක ඒ තරම් දෙයක් නොවෙන බව...
ඒත් මට හිතුනු දේ නම් හැමදෙයක්ම වෙන්නේ හොඳට හා දෙයක් අහිමි වීමෙදි ඊටත් වඩා හොඳ දෙයක් ලැබෙන්න ඉඩ තියෙනවා කියන එක...කියවන අයට නම් කොහොම හිතෙයිද දන්නෑ...


6 comments:

  1. ඒත් මට හිතුනු දේ නම් හැමදෙයක්ම වෙන්නේ හොඳට හා දෙයක් අහිමි වීමෙදි ඊටත් වඩා හොඳ දෙයක් ලැබෙන්න ඉඩ තියෙනවා කියන එක...කියවන අයට නම් කොහොම හිතෙයිද දන්නෑ...
    ----------------------------------
    උනන්දුව ඇති කරන ආදර්ශ පාඨයක් විදියට නම ලිපිය හොඳයි. එත් මට හිතෙන්නේ මේ අදහස ඇතුලෙ තියෙන්නේ "දෙවියන් වහන්සේ එක මාවතක් වැසෙන විට තව මාවතක් විවර කරයි" කියන දර්ශනය කියල සියල්ල දෙවියන් විසින් තීරණය කරනවා නම් හොඳයි. එත් කර්ම විපාකය කියන කොටස දෙවියන්ගේ පාලනයෙන් එහාට ගිය විෂයයක් .

    ReplyDelete
    Replies
    1. මම ඒකෙන් අදහස් කලේ එහෙම දෙයක් නෙමෙයි...බෞද්ධයෙක් විදියට කර්ම විපාකය කියන දෙය විශ්වාස කරනවා...ඒත් හැමදෙයක්ම කර්ම විපාකයට බාරදෙන්න බැහැ නේද.?

      ස්තූතියි අදහසට සහ කොමෙන්ටුවට...!

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. හැමදේම හොඳට සහ නරකට පෙරලෙන දෛවය කියන දේ හරි අමුතුයි.මේ පුද්ගලයා ඊමෙල් එකක් හදන්න ප්‍රමාදවීම එයාගේ වාසනාවට සිද්ධවුන දෙයක්..

    ReplyDelete
    Replies
    1. හැමදේම වෙන්නේ හොඳටළුනේ........

      Delete
  4. හික් ........ ඉතිං අපිට ඊ මේල් 10 ක් විතර තිබිලත් ටොයිලට් හොදන්නවත් නෑනේ..........

    ReplyDelete

Popular Posts

Total Pageviews

Powered by Blogger.

Followers

සුළඟ වගේ...... හිටියත් නෑ වගේ...නැතත් හිටිය වගේ....

My Blog List