Saturday, August 16, 2014

මගේ නොවූ මගේ බ්ලොග් එක සහ ජීවිතය...- Come back to my blog...

බොහොම බොහොම කාලෙකින් ඕං අද ආවා බ්ලොග් එක පැත්තට...ඇත්තටම කිව්වොත් මට “හිතුවක්කාරයෙකුගේ සටහන් “ කියලා අවාරෙට හරි ලියැවෙන බ්ලොග් එකක් තිබුනා නේද කියලා මතක් උනේ අද උදේ නන්නත්තාර වෙලා කල්පනා කර කර ඉද්දි...කොහොමත් මට පහුගිය කාලෙම මට මගේ කියලා තියෙනවා කියලා මතකේ තිබුනේ mobile එකයි, ඇඳුම් පැලඳුම් ටිකයි, යන හැමතැනම අරන් යන බෑග් එකයි විතරයි...
ඉතිං කොහොමෙන් හරි ඇවිත් බලද්දි මුකුත්ම නොලියා උනුනු කාලෙදිත් කට්ටිය ඇවිල්ලා ගිහින් තියෙනවා.ඒක ගැන නම් සතුටුයි...

පහුගිය ගෙවුනු හීනයක් වගේ මාස ටිකේදි ජීවිතේට ගොඩක් අරමුණු, හීන එකතු උනත් ටික ටික බොඳවෙලා යනවා කියලා දැනුනු හීන ඊයේ දවසෙදි කුඩුපට්ටම් වෙලා ගියේ ජීවත් වෙන්න අළුත් අරමුණක් හොයාගන්න ඉඩ ඇරලා...ඊයේ දවසෙදි අවුරුදු ගානක් පාවිච්චි කරපු sim එකත් මාරු කරලා, අළුතෙන් sim එකකුත් දාගත්තේ ගොඩක් දේවලින් ඈත් වෙලා ටික කාලෙකට ඉන්න ඕනි කියලා...දැකපු හීන ආපහු දකින්න කියලා හිත සිය දහස් වාරයක් කීවත් ආපහු මට ඒ හීන ඇය ගැන දකින්න බැරිවේවි...සමහර විට යලි දකිවී...
මොකද අනාගතය ගැන අද කියන්න අපි කාටවත් බැරි නිසා...ඇයම කීව විදියට කාලය ගොඩක් දේ වෙනස් කරනවා...අපි බලමු...

http://mobiwallpapers.net/uploads/pictures/big_images/24505-lonely-boy.jpgආපහු සැරයක් බ්ලොග් ලියන, E-money හොයන්න ට්‍රයි කරන, games ගහන, mobile එක facebook යන්න විතරක් use කරපු තනියම උන්නු කාලෙට එන්න වෙලා...සී සීකඩ විසිරිලා ආපහු ජීවත් වෙන්න අරමුණක්, අළුත් ජීවිතයක් හොයන හිත හදාගන්න ආපහු ලියන්න ගන්න එක ලොකු උදව්වක් වේවි.කොහොම උනත් පහුගිය කාලෙදි ගොඩක් දේ ජීවිතේට ඉගෙන ගත්තා...පුළුවන් විදියට අද ඒ දේවල් මේ සටහන් කරන්නේ කවදහරි, කාටහරි වැදගත් වෙයි කියලා වගේම මට මගේ හිතත් නිදහස් කරගන්න ඕනි හින්දා...

කවමදාවත් හිතේ ඇතිවෙන ආදරයක් හංගගෙන ඉන්න එපා. තමන්ට තමන්ගේ ආදරේ විශ්වාස නම් ඒක ඔහුට හෝ ඇයට කියන්න...නැතිනම් ගොඩක් කාලයක්, නැතිනම් සමහරවිට ජීවිත කාලයක් පසුතැවෙන්න වේවි...සමහරවිට ඔහුට හෝ ඇයට ලැබිය හැකිව තිබූ හොඳම ආදරය ඔබේ ආදරය විය හැකියි...

ආදරයක් ඇතිවෙන්නේ වෙලාවල් බලලා නෙමෙයි...සන්නස්ගල සර් කියන නිතරම කියන විදියට ජීවිතෙම ඇක්සිඩන්ට් එකක් නම් ආදරෙත් ඒ වගේ ඇක්සිඩන්ට් එකක්...
වයස, කුලමල, ජාතිය හොයලා නෙමෙයි අපි ආදරය කරන්නේ...

ආදරය ප්‍රකාශ කිරීමේදි ඔබ ඇත්තටම  ඇයට ආදරෙයි නම් වයස, නෑදැ පරම්පරාවල් මොනා කියයිද, ගෙදර අය මොනවා හිතාවිද, අහල පහල උන් මොනා හිතාවිද කියන එක ප්‍රශ්නයක් කරගන්න එපා...

කවදහරි ඔහු හෝ ඇය ඔබට අහිමි වෙලා ගියත්, ඈත් වෙලා ගියත් කවදාවත් වෛර කරන්න එපා...

අහිමි උන ආදරේ ප්‍රකාශිත එකක් උනත්..අප්‍රකාශිත එකක් උනත් ඔහුට හෝ ඇයට උදව්වක් අවැසි හැමවෙලාවෙම ඒක කරලා දෙන්න...

කවදමහරි දවසක අපි ආදරය කරන කෙනාට වෙන ආදරයක් තිබුනොත්, ඔබේ ආදරය ඇයට ප්‍රශ්නයක් උනොත් එතනින් ඈත් වෙන්න ආදරය හිතේ තියාගෙන...

විසඳගන්න අමාරු, ජීවිතේම අවුල් කරන ප්‍රශ්නයක් ආපු තැනදි ඔබට කරන්නට කිසිම දෙයක් ඉතුරු වෙලා නැතිනම් පොඩ්ඩක් පැත්තකට වෙලා කාලයට ඉඩ දෙන්න...කාලය ගොඩක් ප්‍රශ්න විසඳනවා වගේම හිතේ තියන ගොඩක් තුවාල හෙමින් සීරුවේ සනීප කරනවා...

ඔබේ ආදරය කවදහරි ඔබට ලැබුනත්, නොලැබුනත් කවදාවත් ඒ කාලෙට වෛර කරන්නවත්, ගෙවුනු කාලය අපරාදෙ කියලා හිතන්නවත් එපා...ගෙවුනු කාලය ආපහු ගන්න බෑ. ඒක ඇත්ත...ඒත් ඒ ආදරය කරපු, කරන කාලෙදි  ලැබුනු අත්දැකීම්, වින්ද දේවල් කවදහරි ඔබට ජීවිතේදි වටීවි.

මොනදේ උනත් කවදාවත් ඔබේ හිත ඔබට නැති කරගන්න එපා...හිත නැතිඋනොත් වෙන්නේ මැරෙන්න හිතන එක විතරනේ...හිත අහිමි වෙලා නම් තියෙන්නේ පුළුවන් ඉක්මනට ඒ හිත හොයාගන්න...හිත තුවාල වෙලා...කැඩිලා බිඳිලා සී සීකඩ ගිහින් තිබුනත් ඒ හිත පුළුවන් තරම් පරිස්සමට බලාගන්න...කාලය හෙමින් සීරුවට හිත සුවපත් කරාවි...සමහරවිට අහිමි උන ආදරෙත් කවදමහරි දවසක ඔබට ලැබෙන්නත් පුළුවන්...මොකද ජීවිතේ වෙන්නේ අපි හිතන දේ වත්, ප්‍රාර්ථනා කරන දේමත් නොවෙන නිසා...

ම්ම්ම්ම්ම්....ඕං ඉතින් කිව්වා...මොනාහරි අමතක උනා කියලා නම් මතක් වෙන්නේ නැහැ...කාලෙකින් බ්ලොග් එකක් කියෙව්වෙවත් නැහැ...ලියන්න කියවන්න බලනවා අද ඉඳන්වත් ආපහු...හිත හදගන්න ට්‍රයි කරන ගමන් ප්‍රශ්න විසඳන්න කාලෙට ඉඩ දීලා බලන් ඉන්න එකේ කරන්න කියන්න දේකුත් තියෙන්න එපායැ...අදට ඇති වගේ...ජය වේවා හැමෝටම එහෙනම්...!






Popular Posts

Total Pageviews

Powered by Blogger.

Followers

සුළඟ වගේ...... හිටියත් නෑ වගේ...නැතත් හිටිය වගේ....

My Blog List