ජීවිතය නම් සලපතළ මළුව මත
බොහෝ දෙන ඇවිත් යති...
ඒ පියසටහන් පමණක් ඉතිරි කරය...
බොහෝ පා සටහන්
ඉක්මණින් මැකී යති...
සමහර පියසටහන්
කාලයාගේ ඇවෑමෙන්
කලකට පසු මැකී යති...
නමුදු...
කලාතුරකින් තබා යන
ඇතැම් පියසටහන්
දිවි ඇති තෙක් මැකී නොයයි...
ජීවිතය...
ඒ පියසටහන් රැගෙන
අනාගතයක් ගැන නොදැන
මතක පමණක් රැගෙන
ගලා යනු ඇත...
- මතක සැමරුම -
---------------------
පහුගිය ලඟ උන්නු කාලේ නුඹ නිතරම කියපු දෙයක් තිබුනා හැමදේම විසඳෙන්නේ ඉරණමත් එක්ක කියලා.එදා නුඹට හිනා උනත් අද හිතෙනවා ඒ දේ ඇත්ත කියලා...සිද්ධ උන වගේම තවමත් සිද්ධවෙන දේවල් පුදුමයි වගේම අදහන්නත් බැරි තරම්...කොහොමත් නුඹ අද ලඟ නෑ...හොඳම යෙහෙලියකටත් වඩා ජීවිතේට ගොඩක් ලං උනු.,ජීවිතේ කියා දීපු නුඹ අද ගොඩක් ඈත් වෙලා...
සත්තයි...නුඹ නිතරම කියන විදියට මේ ජීවිතේ වෙලාවකට පිස්සුවක් වගේ...
බස්සි...නුඹ නැති හෙට දවසේ ජීවිතය කොහොම වේවිද..?
තවමත් මට පිළිතුරක් නැති ප්රශ්නයක්...
සතුටින් පරිස්සමට ඉන්න...
----------------------------------------------------------------------------------------------------------------------------------
පසු සටහන -
මාස ගණනකට පසු බ්ලොගයට ගොඩවැදුනේ අද...ලියන්න තරමට හිතේ නිදහසක් නැති හින්දමද කොහෙද බ්ලොග් එක පැත්තට නිකමටවත් ආවේ නෑ...මේකත් අද හවස fb එකට කාලෙකින් දාපු status එකක්...ජීවිතේ ගෙවෙන්නේ සංක්රාන්ති සමයක් වගේ දැනෙන්නේ...හැමදේම අතරේ බ්ලොග් එකේ හෙට දවස කොහොම වේවිද කියන එක තවමත් ප්රශ්නාර්ථයක්...බලමු... :D
මොකා මේ අපේ බස්සි උඹව අමාරුවේ දැම්මා.. හිටහං අල්ලගන්න.. හැක්
ReplyDeleteඒක නෙමෙයි උඹ අපේ කඩේට පෝන්කාඩ් ගන්න ආවා නං ඔය සන්තෑසිය වෙන්නෑ.. බී කූල් බේබි.. බී කූල්..
දැං පොරගෙ කඩේ පෝං කාඩ් තියේලු. ඒ හින්ද බොලාගෙ කඩේට එන්න ඕන නැතිලු ඒව ගන්න.
Deleteබේබිට කූල් බොන්න කියන්නෙ නැතුව ඔය මැකෙන්නැති පිය සටහන් මකාගන්න මොනව හරි කෙමිකල් එකක් හොයල දියංකො.
හැක් හැක්.. විලිලැජ්ජා නැති වැඩ කරන්න එපා යකෝ එකා පොරපයිල් දෙකකින් ඇවිත්..
Deleteඋඹනෙ ඒ වැඩේ කරන්නෙ ෆේක් එකෙන් ඇවිල්ල. දිගටම රියල් එකෙන් ආවනං ඉවරයිනෙ.
Delete@දේශකයා - හෆොයි...මේ බ්ලොග් ලියන බස්සි අක්කා ගැන නෙමෙයි....
Delete@ප්රසන්න අයියා - ඒකනේ එකනේ...ඔහෙම්මනේ ෆෝන් කාඩ් වලට කොල ටික ප්රින්ට් කරන් ගියේ... :D
විකාරයි විකාරයි වගේ
ReplyDeleteඒත් ටිකක් මාන්දමිකයි
අලේ මංදල්ලෑ අලේ
සමාර විට සමාර දේවල් වෙනස් වෙනව
නිකං අකුණු ගහන්නැහෙ
ඔව් අෆ්ෆා...වෙලාවකට අකුණු ගහනවටත් වඩා ඉක්මනට...
Deleteහැමදේම විසඳෙන්නෙ ඉරනමත් එක්ක උනත් උත්සාහ කළොත් ඉරනම වෙනස් කරන එකත් බැරි වෙන එකක් නෑ.
ReplyDeleteමෙච්චර දවසක් උත්සහ කලෙත් ඒකට...ඒත්...?????? :(
Deleteතිබ්බ පා සටහන් මැකෙනවා.. අලුත් පා සටහන් ඇති වෙනවා....
ReplyDeleteඒ අතරේ සමහර පා සටහන් සැරින් සැරේ මතුවෙනවා...
Deleteමොකක්ද බන් මේ බස්සි ගේ සීන් එක...?
ReplyDeleteඅපි දන්නා බස්සිද නැත්තන් වෙන එකෙක්ද?
------------------------------------
/ ජීවිතය නම් සලපතළ මළුව මත
බොහෝ දෙන ඇවිත් යති...
ඒ පියසටහන් පමණක් ඉතිරි කරය.../
මේ ටික මගේ හදවතටම වැදුනි...
පා සටහන් ගැන හිතන්න යන්න එපා.. ඒක දුකක් විතරයි..
ReplyDeleteමේ පැත්තට අාවේ අදමයි........... බ්ලොගය අගෙයි........... දිගට ම ලියමු............ අපිත් දිගට ම ඒන්නම්.............
ReplyDeleteawrudu dekakata passe me blog eke thibba okkoma posts kiyewwa... niyamai... dan blog liyala iwarai wage.....
ReplyDelete