Monday, March 17, 2014

සමනලයා, මල හා බඹරා...





සුදෝ සුදුවට හැඩට සුපිපුන
සුදෝ සුදු අරලිය මලක්...
පිපී තිබුනළු එක් වසන්තෙක
වසඟ කර සමනල් හිතක්...

කියාගන්නට බැරිව ගොළු උන
පෙමක් හිත මත දරන්...
සමනලයා උන් අතර මල හා
සොඳුරු ලෝකෙක සෙනෙහසින්...

නුහුරු නුපුරුදු හීන අරගෙන
ආව හැඩ එක් බඹරිඳෙක්...
හීන අරගෙන මලේ පෙති මත
තැවරුවළු හිත රවටමින්...

දෙනෙත අඳ කල ප්‍රේමයක හැඩ
සිහින අතරේ පාවෙමින්...
මල ගියා දුර ඉතින් නික්මී
හැරදමා සමනල හිතත්...

බඹර පහසින් මත්ව හුන්
මලේ රොන් සුණු ගෙන හොරෙන්...
වසන්තයේ අග ගියා බඹරිඳු
සොයන්නට වෙන මල් හොරෙන්...

කිසිදු දිනයක යලිත් නොඑනා
බඹරිඳුන් ගැන සිටි සොවින්...
ගිලිහුණා මල දිනක නටුවෙන්
දරනු බැරි කඳුළැල් සුසුම්...

දෙරණ සිප වැළඳ නොපෙනෙනා දුර
ගිය මලේ වියැකි පෙති මත වසා...
පුංචි සමනලයෙක් සිප හෙළු සුසුමක්
සුළඟ මත වියැකී ගියා...


All rights reserved@17/03/2014


ප.ලි. -

හරියටම මාස දෙකකට විතර පස්ේ අද තමයි blog එකට ොනවා හරි ලියන්.පහුගිය කාේ උන සමහරක් ේ වේම සමහර ේතු නිසා ලියන්න තියා වෙනදට ොලිව්වත් කියවන සහෘද blog අඩවි එකකටවත් ොඩවදින්න උේ නැහැ...හැහැෝටම sorry කියලා කියනවා....
ේ කවියත් මීට සතියකට වේ උඩදි පද ේලි දෙක තුනක් ලියලා තිබිලා අද සම්පූර්ණ කරපු එකක්.හැමදාම එකම ආකෘතියකට ේ ලිව්ව කවි වල ොඩි වෙනසක් කරන්න හිතුනා...කියවලම බලලා හිතට දැනෙන අදහසක් ොටලා යන්න.... 

Popular Posts

Total Pageviews

Powered by Blogger.

Followers

සුළඟ වගේ...... හිටියත් නෑ වගේ...නැතත් හිටිය වගේ....

My Blog List